මීට වඩා හොඳ කලක් උදා වේවි – එරික් සොල්හයිම්

Date:

සර්ව පාක්ෂික සමුළුව ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහෝමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක් බව ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා පවසයි.

ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සමග ඊයේ (16) පැවති හමුවකින් අනතුරුව ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර දේශගුණය පිළිබඳව ජනාධිපති උපදේශක එරික් සෝල්හයිම් මහතා,

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මම ශ්‍රී ලංකාවට පැමිණියේ ආර්ථික අර්බුදය සඳහා හරිත තිරසාර විසඳුම් ලබාදිය හැකි ආකාරය පිළිබඳව සොයා බැලීමටයි. සුළං හා සූර්ය විදුලිබල ක්ෂේත්‍රවල නව ආයෝජනයන් ගෙන ඒමටත් මම බලාපොරොත්තු වෙනවා.”

“අද පැවති සාකච්ඡාවේදී මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා මට දැනුම් දුන්නා.. පැවති සර්ව පාක්ෂික සමුළුව පිළිබඳව. එය ශ්‍රී ලංකාවේ දේශපාලන ගැටලු බොහොමයකට විසඳුම් ගෙන එන වැදගත් පියවරක්. එහිදී ඉන්දීය සම්භවයක් සහිත මෙරට දෙමළ ජනතාව නැත්නම් උඩරට දෙමළ ජනතාවට සිංහල හා මුස්ලිම් ජනතාව සමග සාමයෙන් ජීවත්වීමට ඇති අභිලාෂයත් ඔහු පැහැදිලි කළා.”

“ඒ වගේම ශ්‍රී ලංකාවේ දුප්පත්ම ජනකොටස් වන වතුකරයේ ජනතාවට ආහාර ආධාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය දෑ සැපයීමේය් අවශ්‍යතාවයත් මෙහිදී අවධාරණය කෙරුණා. ඉතා දුෂ්කර කාලයක් පසුකරන ශ්‍රී ලාංකික ජනතාව වෙත මගේ සහාය මම පළ කරනවා.”

“ඔවුන් අතරින් සමහර පිරිස්වලට ප්‍රමාණවත් ආහාර වේලක් නොලැබෙන බවත්, දෛනික ආහාර වේල් ප්‍රමාණය අඩු කිරීමටත් සිදුව ඇති බව දැනගන්න ලැබිලා තිබෙනවා. මේ දුෂ්කරතාවලින් මිදෙන මඟක් පිළිබඳව සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමග කටයුතු කරන්න මම සූදානම්.”

“එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයකට පැමිණීමට ජනාධිපතිවරයා දැඩි පරිශ්‍රමයක් දරනවා. චීනය සහ ඉන්දියාව සමගත් එලෙසමයි. මේ හරහා නැවතත් ආර්ථිකය ප්‍රකෘති කිරීමට හැකිවුවහොත් එය සියලු දෙනාටම මීට වඩා හොඳ කාලයක් උදාවේවි.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...