දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි – අද කාලගුණ නිවේදනය

නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සපුගස්කන්ද පිරිපහදුව රටට අත් කර දුන් දැවැන්ත මූල්‍ය ලාභය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය...

ජවිපේ රජය දිනෙන් දින උපාධිධාරීන්ගේ රැකියා අයිතිය අහෝසි කරනවා – විපක්ෂ නායක සජිත්

නොවැම්බර් 08, කොළඹ LNW: වත්මන් ජනතා විමුක්ති පෙරමුණ රජය දිනෙන්...

ට්‍රම්ප් ධවල මන්දිරයේ දීපවාලි සැමරුමට එක්වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 08: ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...