*
Friday, October 18, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 12/19

1. ප්‍රවාහන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, දක්ෂිණ අධිවේගී මාර්ගය දෙපස කුරුඳු ශාක වගා කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරයි – අමාත්‍ය රමේෂ් පතිරණ විසින් කුරුඳු ශාක මාර්ග සංවර්ධන අධිකාරියට පරිත්‍යාග කළ බව පවසයි.

2. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම කාලයක මැතිවරණයකට සූදානම් බව පා.ම. රෝහිත අබේගුණවර්ධන පවසයි – රජය පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ ප්‍රයද්නයක සිටින බවට විපක්ෂය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරයි – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, අපේක්ෂකයන් සඳහා දැනටමත් අයදුම්පත් කැඳවා ඇති බව ද පවසයි.

3. පැවති රජයන් ප්‍රතිසංස්කරණ ඇතිකරීම පිළිබඳව බැරෑරුම්ව සිතා කටයුතු කර නැති බව ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති නන්දික බුද්ධිපාල පවසයි – ශ්‍රී ලංකාවේ රජය සතු ව්‍යාපාර 527 පවතින බවත්, එවන් රජය සතු ව්‍යාපාරවල කම්කරු වියදම් පෞද්ගලික අංශවලට වඩා සියයට 70කින් පමණ වැඩි බව ද අනාවරණය කරයි – වත්මන් රජය ප්‍රතිව්‍යූහගත කිරීම පිළිබඳව බැරෑරුම්ව සිතන බවත්, එය දිරිගැන්විය යුතු බවත් පවසයි.

4. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රියාල් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා වයිස් අද්මිරාල් තනතුරට උසස් කරයි – ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ 25 වන නාවික හමුදාපතිවරයා ලෙස ද පත්කරයි.

5. මීට වසර 75 කට පෙර, 1952 දෙසැම්බර් 18 වන දින චීනය සහ ශ්‍රී ලංකාව ඓතිහාසික රබර් – සහල් ගිවිසුමට අත්සන් තැබූ බව චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි – මෙම ගිවිසුම හරහා සහල් සහ විදේශ සංචිතවල හිඟය අවම කිරීමට හැකිවූ බවත්, දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සඳහා දොරටු විවර කළ බවත් පවසයි.

6. මෙම වර්ෂය තුළ 300,000 කට අධික පිරිසක් විදේශ රැකියා සඳහා දිවයින හැර ගොස් ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි – නිදහසින් පසු විදේශ රැකියා සඳහා වැඩිම ශ්‍රී ලාංකිකයන් පිරිසක් රට හැර ගිය අවස්ථාව මෙය බව ද පවසයි.

7. වගා නොකළ අක්කර 100,000 ක පමණ කුඹුරු ඉඩම් තිබෙන බවත්, එකී ඉඩම් 2023 වර්ෂයේදී වසර 05 ක කාලය සඳහා රජය විසින් පවරා ගනු ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි – මේ සඳහා කෘෂිකර්ම පනත සංශෝධනය කෙරනු ඇති බව ද පවසයි.

8. ඇඟළුම් කර්මාන්තය දරුණු පසුබැසීමකට මුහුණ දෙමින් සිටින බව නිදහස් වෙළඳ කලාපීය නිශ්පාදකයන්ගේ සංගමය අනාවරණය කරයි – දීමනා නොමැති තැන සහ සීමා සහිත වැඩකරන දින නිසා සේවකයන් රැකියාව හැර දමා යන තත්ත්වයක් උදාවී ඇති බව ද පවසයි – ඇණවුම්වල සියයට 25 ක පහත වැටීමකට ඇඟළුම් කර්මාන්තය මුහුණ දී ඇත – සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් විශාල ඇඟළුම්හල්වලට රෙදිපිළි ලබා දෙන්නේ වැසීයාමේ අවදානමක සිට බව ද සිහිපත් කළ යුතු ය.

9. මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සම්බන්ධයකින් තොරව, සංශෝධිත නව විදුලි ගාස්තු එළඹෙන ජනවාරි මස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි – සාමාන්‍ය විකිණුම් මිල ඒකකයකට රු. 42 ක තබාගෙන කැබිනට් පත්‍රිකාව සම්පාදනය වන බවට වාර්තා වේ.

10. 2023 ජනවාරි මස ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි සුදු පන්දු ක්‍රිකට් තරඟාවලිය සඳහා දසුන් ශානක නායකත්වයේ රැඳී සිටියි – කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග උප නායකයන් දෙදෙනෙකු වශයෙන් පත්කර ඇති බව ද වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan