ආදායම් බදු සංශෝධනය බලාත්මක කෙරේ

Date:

පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාද ‍කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සදහා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (19) සිය සහතිකය සටහන් කළේය.

පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මෙම පනත්කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41ලැබිණි.

ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා ද විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36 ලැබිණි.

මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස ඊයේ සිට බලාත්මක වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...