ගෝඨාස් වෝර් චන්ද්‍රප්‍රේම ජිනීවා තනතුරෙන් ඉවතට !

Date:

ස්විට්සර්ලන්තයේ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකා නිත්‍ය නියෝජිතවරිය ලෙස හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක මහත්මිය පත් කිරීමට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී තිබේ.

මීට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එම තනතුර සඳහා පත්කර තිබුණේ සී. ඒ. චන්ද්‍රප්‍රේම මහතාවය. සී. ඒ. චන්ද්‍රප්‍රේම යනු ගෝඨාස් වෝර් හෙවත් ගෝඨාගේ යුද්ධය නම් පොත ලියූ කර්තෘවරයා ය. ඔහුට ජිනීවාහි එම ඉහළ රාජ්‍යතාන්ත්‍රික තනතුර හිමිවුණේ ද එම පොත නිසා ය.

ජිනීවාහි නව නිත්‍ය නියෝජිතවරිය ලෙස පත්කෙරෙන හිමාලී සුභාෂිණී ද සිල්වා අරුණතිලක මහත්මිය මීට පෙර නේපාලයෙහි ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස කටයුතු කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පළාතේ පාසල් ගැන විශේෂ පරීක්ෂාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය සමඟ ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව...

සී.බී. ඇප මත නිදහස්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම...

යුදෙව් ඕස්ට්‍රේලියානුවන්ට පහරදිම සෑම ඕස්ට්‍රේලියානුවෙකුටම පහරදීමක් – James Larsen

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉකුත් දා ...

විවේචනයද ? අපහාසයද?

උපාලි කොළඹගේ කොළඹ LNW: ජනාධිපති අනුර කුමාර දිසානායකට ඉතාමත් පහත්...