ට්‍රම්ප්පච්චිට ජම්පරය අඳින්න වෙන ලකුණු!

Date:

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙවත් අපි කවුරුත් හොඳටම දන්නා ට්‍රම්ප්පච්චිට මේ පාරනම් එන පොට හොඳ නැති බවක් පෙනී යයි. එයට හේතුව වන්නේ 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූල ප්‍රතිඵල අවලංගු කොට “බහු කොටස් කුමන්ත්‍රණයක” ඔහු නියැළී සිටි බවට එක්සත් ජනපද දේශපාලඥයින්ගේ වාර්තාවකින්හෙළි වීමත් සමඟ ඇති වූ ආන්දෝලනාත්මක ප්‍රශ්නාර්ථයයි.

2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප් ආධාරකරුවන් එක්සත් ජනපද කැපිටල් ගොඩනැගිල්ලට ප්‍රචණ්ඩකාරී ලෙස කඩා වැදීම පදනම්ව ඇති වූ කැපිටල් හිල්කෝලාහලය පිළිබඳව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සිය අවසන් වාර්තාව නිකුත් කර ඇති අතර, සාක්ෂිකරුවන් 1,000කට අධික සංඛ්‍යාවකගේ සම්මුඛ සාකච්ඡා, නඩු විභාග 10ක් සහ පිටු මිලියන ගණනක ලේඛන මේ සඳහා පාදක කර ගෙන ඇත.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් හත් දෙනා සහ රිපබ්ලිකානුවන් දෙදෙනෙකු 2021 ජනවාරි 6 වන දින එක්සත් ජනපද කැපිටල් හිල් කෝලාහලය සම්බන්ධයෙන්ඔවුන්ගේ මාස 18ක විමර්ශනය පිටු 814කට වඩා වැඩි ප්‍රමාණයක ලේඛනගත කර ඇත.

කැරැල්ලට තුඩු දුන් සති කිහිපය තුළ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය සහ ඔහුගේ මැතිවරණ පරාජය පෙරලා දැමීමේ ඔහුගේ කූඨ වෑයමට සම්බන්ධ වූවන්ටබලපෑම් කළ ආකාරය ද විමර්ශන මඟින් හෙළි විය.

ජෝ බයිඩ්න්ගේ මැතිවරණ ජයග්‍රහණය සමඟ ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල අවලංගු කිරීම සඳහා ප්‍රාන්ත මෙන්ම ප්‍රාදේශීය මැතිවරණ පරිපාලකයින් ඉලක්ක කරගනිමින් ඔවුන්ට එල්ල කළ පීඩනයන් ආදී සිදුවීම් 200කට අධික ප්‍රමාණයක් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සූර වීරකම් අතර පෙනෙන්නට වූ ලක්ෂණ කිහිපයකි.

කොට්ටෝරුවා විවිධ ගස් වලට කොටාගෙන කොටාගෙන ගිහින් අන්තිමේට කෙසෙල් ගහට කෙටුවා වගේ ට්‍රම්ප්පච්චිගෙත් කෙරුවාව Coming Soon!

නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...