කෙහෙළියගේ ඖෂධ මාෆියාවෙන් ජනතාව මකර කටට – කැබිනට්වුවත් අන්දලා අනුමැතියත් අරන් (VIDEO)

Date:

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පාර්ලිමේන්තුව මෙන්ම කැබිනට් මණ්ඩලය ද සහමුලින්ම නොමඟ යවමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියත් නොමැති ඉන්දියානු සමාගමකින් ඖෂධ ඇතුළු සෞඛ්‍ය උපකරණ ආනයන කිරීමේ කූට ක්‍රියාවලියක් පිළිබඳ අද (23) පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මාධ්‍ය හමුවක් කැඳවමින් අනාවරණය කිරීමක් සිදුකරන ලදී.

එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසුවේ පසුගිය නොවැම්බර් 29 වැනි පාර්ලිමේන්තුවේදී කිසිදු ඖෂධ හිඟයක් නොමැති බව පැවසූ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා දෙසැම්බර් 05 වැනිදා කැබිනට් පත්‍රිකාවක් යොමුකරමින් අත්‍යවශ්‍ය ඖෂධ 151ක් ශල්‍ය උපකරණ 5278ක් විකිරණශීලි උපකරණ 18ක් නිත්‍ය අනුපූරක රසායනික උපකරණ 850ක් හිඟ බවට දැන්ව පවතින තත්ත්වය අනුව හදිසි මිලදී ගැනීම් සිදුකිරීමට යෝජනා කර තිබෙන බවයි

ඒ අනුව ඉන්දියාවේ ක්වුශික් සමාගමෙන් මෙම ඖෂධ ගෙන්වීම සිදුකිරීමට නියමිත අතර මේ වන විටත් එම ක්‍රියවලිය සම්පූර්ණ කර ගැනීම සඳහා ඇමතිවරයා ඉන්දියාව වෙත ගොස් සිටියි.

මෙහිදී කිසිදු ටෙන්ඩර් කැඳවීමක් සිදුකර නොමැති අතර කැබිනට් මණ්ඩලය පවා නොමඟ යවමින් ඊට අනුමැතිය ගැනීමට කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කටයුතු කර තිබෙන බවයි ජයගොඩ මහතා කියා සිටියේ.

එමෙන්ම ටෙන්ඩර් පටිපාටියකින් තොරව හදිසි මිලදී ගැනීම් සිදුවන හෙයින් ඊට කමිටු දෙකක අනුමැතිය ලබාගත යුතු බවට මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ පවා ලබා දී තිබියදී එයද නොසලකා හරිමින් අමාත්‍යවරයා ඉන්දියානු සමාගමක් සමඟ එක්ව මෙම ඖෂධ මාෆියාව සිදුකිරීමට කටයුතු කරමින් සිටින බවටයි මෙම මාධ්‍ය හමුවේදී පුබුදු ජයගොඩ මහතා පෙන්වාදුන්නේ.

ඒ අනුව ඖෂධ නියාමන අධිකාරියේ ක්ෂණික තත්ත්ව පරීක්ෂාවක් හෝ නොකරන ලද ප්‍රමිතිය සම්බන්ධයෙන් කිසිදු අනුමැතියක් නොමැතිව එම ඖෂධ රටට ගෙනවිත් මජනතාව මකර කටට යොමුකර ඇති බව හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...