*
Friday, September 20, 2024
spot_img

Latest Posts

පක්ෂයක් විදිහට අපි කොයිවෙලාවකවත් මැතිවරණයට බයේ පැනලා යන්නේ නෑ: පොහොට්ටුව

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2022.12.23) පැවති
පොදුජන පෙරමුණේ නිතීඥ සංගමයේ සාමාජිකයින්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි.

? එහිදි අදහස් දැක්වූ නීතිඥ අතුල ද සිල්වා මහතා,

“පසුගිය කාලවකවානුව පහුකරලා මේ රට ඉතාමත් දුෂ්කර තත්වයක ඉඳලා යම් ප්‍රමාණයකට නැවතවතාවක් යථාතත්වයට පත්වෙන ගමනක් ආරම්භ කර තිබෙන්නේ. සංඛ්‍යා ලේඛන දිහා බැලුවාම පේනවා අද වෙද්දි 60% ගාණකට දක්වා උද්දමනවේගය යම් ප්‍රමාණයකට පාලනය වෙලා තිබෙනවා. අපි හැමෝම අමාරුවෙන් ජිවත්වෙන වාතාවරණයකදි අද වෙද්දි ආපහු පාරක් අනාගතයේ දී සිදුවෙන්නට ඉඩනැති දේවල් බොරු බිල්ලන් මවා පාමින් නැවතවතාවක් රට අර්බුදයකට ගෙන ගිහිල්ලා දේශපාලන වශයෙන් රට ලොකු කළබගැනීයක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් අද මේ රටේ දක්නට ලැබෙනවා. ඒ නිසා තමයි අපි හැමෝම එකට එකතුවෙලා කටයුතු කරන්න අවශ්‍යය.

අද සමහර වෘත්තිය සමිති සහ සමහර ආයතන විසින් රටේ ජනතාව හමුවේස්ථාපනය කරන අදහස් වලින් පෙනෙන්නේ බොරු බිල්ලන් මවා පෑමක්. ගිය සතියේ විදුලිබලය සම්බන්ධයෙන් වෘත්තිය සමිතියක් කියනවා ලබන අවුරුද්දේ පැය 10 ක් විදුලිය කපනවා කියලා. පැය 10 ක් විදුලිය කැපීමක් සිදු කරන්නේ නෑ. එවැනි බොරු බිල්ලෙක් මවාපාමින් මේ ආණ්ඩුව ඉදිරියට ගෙන ගොස් යෑම වළක්වා ජනතාව තුළ නැවතත් පෝලිම් යුගයක් සහ පාරට බැස්සවීමේ කූඨ කාර්යයක් සිදු කරමින් පවතිනවා. ඒ ජනතාව පාරට ගැනීමෙන් සංචාරක ව්‍යාපාරය ඇන හිටිනවා. අපේ අපනයන නිෂ්පාදන කර්මාන්ත ඇනහිටිනවා.

එයින් ලැබෙන ඩොලර් ටික ලැබීම නැතිවන විට නැවතවතාවක් විෂම චක්‍රය
එක තැනකට අපි ඇතුලත් වෙනවා. මේ පිරිස මේ පිළිබඳව දැනගෙන
කුමන්ත්‍රණකාරි විදිහට මේ කණ්ඩායම් කිහිපය එකතුවෙලා කටයුතු කරන්නේ.
මෙයින් පිඩාවට පත්වෙන්නේ මේ රටේ අහිංසක අසරණ ජනතාවයි. ඒ නිසා
මාධ්‍ය විදිහට මෙය දැනුවත් කරමින් මේ දේ වැරදි කියන එක ජනතාවට එත්තු
ගන්වන්න අවශ්‍යයි.

අද විශල ප්‍රශ්නයක් මේ රටේ තිබෙනවා. මත්ද්‍රව්‍ය සම්බන්ධ රැල්ලක් තිබෙනවා.
හැම තැනම මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් හසුවෙනවා වගේම තරුණ පරපුර
විශාල වශයෙන් ඇබ්බැහිවෙමින් යනවා. මම ස්තූතිවන්ත වෙනවා සියලු
මාධ්‍යවලට ඔවුන්ගේ මාධ්‍ය කාලය විශාල වශයෙන් අරගෙන මත්ද්‍රව්‍ය උවදුරට
විරුද්ධව, එය මැඩපැවැත්වීම උදෙසා විශාල ව්‍යාපාරයක් මාධ්‍ය විසින් සිදු කරනවා. නමුත් සමාජ මාධ්‍යවල මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා උදව් කරන මාධ්‍යවලට ගහනවා.

මත්ද්‍රව්‍යවලට විරුද්ධව මාධ්‍ය, සමාජ ක්‍රියාකාරකයින්, වෘත්තිකයින් කතා කරන එක වැරදිද? අද මේ දේශපාලනය නොදියනු මට්ටමට වැටිලා තිබෙනවා. තමන්ගේ දේ කරගන්නට අවශ්‍ය වුනාට පස්සේ ඒ වෙනුවෙන් ඕනෑම පහත් දෙයක් කරනවා. මේ තිබෙන අර්බුදකාරි වතාවරණයෙන් යම් ප්‍රමාණයකට ගොඩඇවිත් තිබෙනවා. මෙයින් සම්පූර්ණයෙන් අපි ගොඩ එන්න අවශ්‍යයි. ඒ ගොඩ ඒම උදෙසා සියලුදෙනාම එකට එකතුවෙලා වැඩ කිරීම ඇරෙන්නට වෙනත් විකල්පයක් නෑ. ”

? එහිදි අදහස් දැක්වූ නීතිඥ නලින් සමරකෝන් මහතා,

“පක්ෂයක් විදිහට අපි කොයිවෙලාවකවත් මැතිවරණයට බයේ පැනලා යන පක්ෂයක් නොවේ. අපේ පක්ෂය ආරම්භයේ ඉඳලා අපි මැතිවරණවලට සාර්ථකව මුහුණදුන්න කණ්ඩායමක්. අපි පක්ෂයක් විදිහට ඉදිරි මැතිවරණයට පුළුල් සන්ධානයක් සහිතව ඉදිරිපත් වෙන්න මේ වෙද්දි අවශ්‍ය සියලු කටයුතු කරමින් පවතිනවා. මේ අවස්ථාවේදී අපි දකිනවා රටේ විවිධාකාර බිල්ලන් මවන කණ්ඩායමක් ඉන්නවා. ඒ අයට අවශ්‍ය මේ රට නතර කරන්න. දේශපාලන බලය ලබා ගැනීම උදෙසා රටේ ජනතාව, රට නතර කිරීමට ඔවුන් ගන්නා උත්සහයක්. මේ අවස්ථාවේදී අපිට තීරණාත්මක අවස්ථාවක් ඇවිල්ලා තිබෙනවා එක කණ්ඩායමක් විදිහට එකතුවෙන්න.

දේශපාලඥයෝ හෝ වේවා රාජ්‍ය සේවකයෝ වේවා, සියලුදෙනා එකතුවෙලා කටයුතු කරන්න ඕන. පහුගිය දවසකදී රටේ බිල්ලන් මවන මේ කණ්ඩායම විදුලි අර්බුදයක් සම්බන්ධයෙන් කතා කළා. එහි කූටප්‍රාප්තිය විදිහට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ තෙල් එකතු කරන පෝලිම් යුගයක් ඇති කිරීමයි. ඉතින් එවැනි තත්වයකට යන්න අපි රටක් විදිහට කටයුතු කළයුතු නෑ. අපි සියලුදෙනාම මේ අවස්ථාවේ විශ්වාස කරන්න ඕන රටේ අනාගතය වෙනුවෙන් එකතුවෙලා කටයුතු කරන්න ඕන කියන කාරණයයි.

මේ වෙද්දි මාධ්‍ය සහෘදයෝ විශාල කාර්යභාර්යයක් කරනවා මේ රටේ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධව කතා කරන්න. සංඛ්‍යා ලේඛනවලින් පේනවා මත්ද්‍රව්‍ය උවදුර සඳහා මේ වෙද්දි යම්කිසි වෙනසක් වෙලා තිබෙනවා. අපේ පාසල් ශිෂ්‍යයෝ මේ සඳහා යොමු වෙලා තිබෙනවා. විශ්විද්‍යල ශිෂ්‍යයෝ 349 ක් මේ වෙද්දි මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන බන්ධනාගාර ගතවෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් බැහැර කරන්න බෑ මාධ්‍යවලින් කරන රඟ දැක්වීමක් කියලා. අපි රටක් විදිහට මේ සම්බන්ධයෙන් කටයුතු කළයුතුයි. මේ දේවල් සම්බන්ධයෙන් අපි එකතුවෙලා කටයුතු කිරීම විශාල වැදගත්කමක් තිබෙනවා. රටේ පාසල් ශිෂ්‍යයන් රැකගන්න දෙමාපියන්ට, ගුරුභවතුන්ට විශාල වගකීමක් තිබෙනවා. අපි පක්ෂයක් විදිහට රටේ අනාගතය වෙනුවෙන් හා මේ මත් රකුසාගෙන් මේ දරුවන් රැකගන්නත් කටයුතු කරනවා.”

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan