උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීම : අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම 2022 දෙසැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

අදාළ අයදුම්පත් භාර ගැනීම 2022-12-23 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද දෙමාපියන්ගෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් අයදුම්පත් භාර ගැනීමේ දිනය තවදුරටත් දීර්ඝ කර ඇත.

එබැවින් සුදුසුකම් සපිරු සිසු දරු දැරියන් විසින් තම අයදුම්පත්‍ නිසි පරිදි සම්පුර්ණ කර, 2022-12-30 දිනට පෙර තමා අ.පො.ස (සා/පෙළ) හදාරණ ලද පාසලේ විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අරමුදල දන්වා සිටි.

තවද 2022-12-23 දින සිට 2023-01-02 දින දක්වා පාසල් නිවාඩු කාලය යෙදී ඇති බැවින් මෙම අයදුම්පත් භාර ගැනීම සඳහා පාසල්වල කාර්යාල විවෘත කොට අදාළ අයදුම්පත්‍ර භාර ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් යොදන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී තිබේ.

අයදුම්පත් භාරගන්නා දිනය 2022-12-30 දින දක්වා දීර්ඝ කළ ද තෝරා ගැනීමට අදාළ අනෙකුත් කටයුතු සඳහා යොදා ඇති දිනවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...