උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදලින් ශිෂ්‍යත්ව පිරිනැමීම : අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කෙරේ

Date:

2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර ගැනීම 2022 දෙසැම්බර් මස 30වනදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

අදාළ අයදුම්පත් භාර ගැනීම 2022-12-23 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණ ද දෙමාපියන්ගෙන් සහ පාසල් සිසු දරු දැරියන්ගෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලමින් අයදුම්පත් භාර ගැනීමේ දිනය තවදුරටත් දීර්ඝ කර ඇත.

එබැවින් සුදුසුකම් සපිරු සිසු දරු දැරියන් විසින් තම අයදුම්පත්‍ නිසි පරිදි සම්පුර්ණ කර, 2022-12-30 දිනට පෙර තමා අ.පො.ස (සා/පෙළ) හදාරණ ලද පාසලේ විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතු බව ජනාධිපති අරමුදල දන්වා සිටි.

තවද 2022-12-23 දින සිට 2023-01-02 දින දක්වා පාසල් නිවාඩු කාලය යෙදී ඇති බැවින් මෙම අයදුම්පත් භාර ගැනීම සඳහා පාසල්වල කාර්යාල විවෘත කොට අදාළ අයදුම්පත්‍ර භාර ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් යොදන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙත ජනාධිපති කාර්යාලය මගින් දැනුම් දී තිබේ.

අයදුම්පත් භාරගන්නා දිනය 2022-12-30 දින දක්වා දීර්ඝ කළ ද තෝරා ගැනීමට අදාළ අනෙකුත් කටයුතු සඳහා යොදා ඇති දිනවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද ජනාධිපති අරමුදල වැඩිදුරටත් දැනුම් දෙයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...