ගම්මන්පිල මාධ්‍යයට එක එක ඒවා කීවාට ලංවිමට තෙල් ලැබෙනවා, අපි මිත්‍රයෝ නෙ – ඇමති ලොකුගේ

Date:

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ප්‍රශ්නය – ඉන්ධන ප්‍රශ්නය ගැන කතා කළාද ඇමතිතුමා ?

”කතා කළා, කතා කළා … ඉන්ධන ගෙන්නලා දෙන්න ලෑස්ති කරලා තියෙන්නෙ”

ප්‍රශ්නය – අපට විදුලිය නැතිවෙයිද ?

”අද නැතිවෙන්නෙ නෑ”

ප්‍රශ්නය – හෙට ?

”හෙට උදේට බලන්න ඕනෙ ඒක …. අපේ ඉල්ලුමට ඕනෙ කරන ඉන්ධන ටික කොහොමහරි අපි ගේනවා. හිඟයක් නැතුව තෙල් සංස්ථාවේ පිරවුම්හල් වලිනුත් දෙනවා, ඒ එක්කම අපට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයත් අපට දෙනවා”

ප්‍රශ්නය – ඒත් තෙල් ඇමතිතුමා කියනවා දෙන්නෙ නෑ, දෙන්න විදියක් නෑ ඔබතුමාලාට කියලා ?

”එහෙම ඉතිං ඒ මාධ්‍යවලට කිව්වාට … අපි මොකද අපි මිත්‍රයෝ නෙ. ඒකෙ කිසි ප්‍රශ්නයක් වෙන්නෙ නෑ”

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රාත්‍රියේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්ත්‍රීලාට වැඩ කරන්න යන්න වාහනයක් නෑ. පහුගිය කාලෙ අත්පුඩි ගැහුවාට දැන් තමා අපිට තේරෙන්නේ – ඇමති රුවන්

පළාත් පාලන ආයතනවලට අලුතින් මහජන නියෝජිතයින් පත්වූවත් ඔවුන්ට ගමන්...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී ඌව සහ...

විපක්ෂ නායක සජිත් ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවෙයි

සටහන - රුවන් නෙළුගොල්ල ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක...