තනි කැමැත්තට විදුලිබිල වැඩිකරන්න බෑ -ඕමල්පේ සෝභිත හිමි…

Date:

ආර්ථික අර්බුදය හමුවේ ජාතික විදුලි පරිභෝජනය අඩු වී ඇති පසුබිමක විදුලි ගාස්තු ඉහළ නැංවීමේ කිසිදු සාධාරණ අවශ්‍යතාවයක් නොමැති බව ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පෙන්වා දෙයි.

මහජන සභාව සංවිධාන කළ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ, එලෙස විදුලි ගාස්තු ඉහළ නැංවීමට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා නීතිඥවරුන්ට ඇරියුම් කරන බවය.

“විදුලිබල මණ්ඩලයට අතීතයේ සිදු වූ අලාභ පියවා ගන්න අමාත්‍යවරයාට තියෙන එකම ක්‍රියාමාර්ගය බවට පත්වෙලා තියෙන්නේ බිල වැඩිකිරීම මගින් ජනතාවට තවත් බර පැටවීම. මේ පසුගිය දා විදුලිබිල වැඩිකිරීම තත්ත්වය උසුලා ගැනීමට නොහැකිව ජනතාව දැන් 10%කින් විදුලි පරිභෝජනය අඩුකරලා කියලා වාර්තාවක් එනවා. ඒ විතරක් නෙමෙයි 16%ක් කර්මාන්ත අත්හිටුවලා කියලා වාර්තාවක් එනවා. මේ කිසිදු තත්ත්වයක් පිළිබඳ සංවේදීකමක් නැති ජනවෛරී අමාත්‍යවරයා කල්පනා කරන එකම දේ තමා මහජනතාවට බරපටවලා අලාභ පියවා ගන්න. අමාත්‍යවරයාට අපි පැහැදිලි කරලා දුන්නා අඩුම ගානේ බිලියන 39ක් තියෙනවා අය නොකර අහක දාපු විදුලිබිල. කවුද ඒ විදුලිබිල නොගෙවන්නේ. නැතිබැරිකමට ද නෑ.. මැති ඇමතිවරු ඉන්න සහ හිටපු ඇතුළු කොට ඇති රජයට හිතවත් ආයතන, රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයෙන් විදුලිබිල නොගෙවා පැහැර හැරලා තියෙනවා. මේවා අයකරන්නේ නැතුව‍ සාමාන්‍ය මහජනතාවට බරපැටවීමේ තියෙන සාධාරණත්වය කුමක් ද? කියලා අපි ඇමතිවරයාගෙන් අහනවා. පුනර්ජනනීය විදුලි බලය නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙලවල් කීයකට ඔබතුමා අතගහලා තියෙනවා ද ? කිසි එකකටවත් යන්නේ නැතුව ගල්අඟුරු ඔස්සේම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ තමන්ට ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන හිතලා ද කියන එක අපිට බරපතළ ප්‍රශ්නයක්.උපයෝගීතා කොමිෂන් සභාවේ අවසරයකින් හා නිර්දේශයකින් තොරව ඇමතිවරයාගේ තනි කැමැත්තට එහෙම විදුලිබිල වැඩිකරන්න පුළුවන් කමක් නෑ. එහෙම පියවර ගත්තොත් ජනහිතකාමි නීතිඥයෝ ඉන්නවා. අපි ආරාධනා කරනවා නීතිඥ මහත්තරුන්ට එන්න ඉදිරියට. නීතිමය ක්‍රියාමාර්ග අපි ගත යුතුව තියෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පොළ සජබ සභාපතිගෙන් ආණ්ඩුවට පැසසුම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගම්පොළ නගරය යථා තත්ත්වයට පත්කර ගැනීම...

වැටුණු රට ගොඩනගන්න පුදුම කැපවීමක්: රු.බි. 4 ඉක්මවූ ‘Rebuilding Sri Lanka’අරමුදල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මේ වනවිට 'Rebuilding...

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...