ඇමති කංචනගේ උත්සාහය ..

Date:

එළඹෙන ජනවාරි මාසයේ දී ගල් අඟුරු නෞකා 7 ක් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ඒ සඳහා අවශ්‍ය ඩොලර් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සැලසුම් සකස් කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ජනවාරි මාසය තුළ අපි උත්සාහ කරන්නේ ගල් අඟුරු නෞකා 7ක් ලබා ගන්න. මේක මීට පෙර අපි ලබා ගෙන නැහැ ලංකාවේ. 6 ක් තමයි සාමාන්‍යයෙන් උපරිම වශෙයන් ලබා ගෙන තිබෙන්නේ. නමුත් අපි බලාපොරොත්තු වෙනවා 7 වෙනි නෞකාවත් ජනවාරි මාසයට පැමිණෙන, ජනවාරි මාසේ 31 වෙනිදා ලබා ගැනීමේ කටයුතු කරන්න. ඒ වගේම මේ ගල් අඟුරු වෙනුවෙන් අවශ්‍ය මූලික මුදල්, 30% ක මුදලක් අපි බැඳිය යුතුයි. ඒම මුදල් මේ වෙන විට නෞකා කිහිපයකට ඒ වෙනුවෙන් ගෙවීම් කටයුතු කරලා තියෙනවා. ඉතිරි 70% ක මුදල ගෙවීම් කටයුතු කිරීම සඳහා විශේෂයෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය ඒ වෙනුවෙන් අවශ්‍ය රුපියල් ප්‍රමාණය ලබා දීමටත් ඒ වගේම මහ බැංකුව හරහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමටත් මේ වන විට සැලසුම් සකස් කරලා තියෙනවා.“

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බණ්ඩාරගම වෙඩි වරුසාවක්. පුද්ගලයකු එතැනම මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල, තුන්බෝධිය ආසන්නයේ...

හිටපු පොලිස්පති දේශබන්දු රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එළැඹෙන...

බ්‍රසීලයේ හිටපු ජනාධිපති බෝල්සනාරොට දඬුවම් කිරීම ‘දේශපාලනිකව මරණ දඬුවමක්’ – ජනාධිපති ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීලයේ 2022වසරේ පැවති...

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?

හිටපු ජනපති රනිල් රහස් පොලීසියට කැඳවීම දේශපාලන පළිගැනීමක්?