කංසා නිෂ්පාදනවලට අදාළ ආයෝජකයින්ගේ සමුළුවක් මෙරට පවත්වනවා – ඩයනා ගමගේ (VIDEO)

Date:

කංසා ආශ්‍රිත නිෂ්පාදන සඳහා මෙරට ආයෝජනය කිරීමට උනන්දුව දක්වන ඇමරිකාව, ජර්මනිය ඇතුළු රටවල ආයෝකයින් මෙරටට ගෙන්වා සමුළුවක් පැවැත්වීමට තමන් කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

“ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියන්නෙ එක දෙයක්, කැනබීස් කියන්නෙ තව දෙයක්. මේ ඉන්ඩස්ට්‍රියල් හෙම්ප් කියන එක ගොඩක් පාවිච්චි වෙන්නෙ කර්මාන්ත සඳහා. ඒක තමයි ලෝකයේ තියෙන ශක්තිමත්ම තන්තුව. ඇත්තටම මේක කොච්චර ශක්තිමත්ද කිව්වොත් ඔය නැව් අදින කඹ හදන්නෙ මේ හෙම්ප් වලින්. කැනබීස් කියන එකෙන් තමයි හොඳම CBD තෙල් ගන්නෙ. අපි ගත්තොත් තායිලන්තය මේක නීතිගත කළේ ජුනි මාසයේ. දැන් ඉන්දියාව මේක නීතිගත කරන්න ලෑස්ති වෙනවා. ප්‍රාන්ත තුනක් දැනට කරලා තියෙනවා, නමුත් සම්පූර්ණයෙන්ම කරන්න ලෑස්ති වෙනවා. ඇයි මේක මත්ද්‍රව්‍යයක් හැටියට හැමෝම බලන්නෙ හැමතිස්සෙම ? මේක දිහා වෙනස් විදියට බලන්න. නිකොටිනුයි තාරයි එකතු වෙච්ච තැන තමයි මේ සිගරට් එක හැදෙන්නෙ. තාර ටික තමයි අර පෙනහළුවල එකතු වෙන්නෙ. ඒ ටික එකතු වුණාම තමයි පිළිකාවල් හැදෙන්නෙ. එතකොට කංසාවලින් පිළිකාවක් හැදෙනවා කියලා අහලා තියෙනවාද කවදාවත් ? මේකෙන් පිළිකා හැදෙන්නෙ නෑ. මේක අපි දැන් ලබන මාසෙ විද්වත් කමිටුව පටන් ගත්තාම මම ගෙනල්ලා සමුළුවක් තියෙනවා මේකෙ. කැනඩාවෙන්, ඕස්ට්‍රේලියාවෙන්, ඇමරිකාවෙන්, ජර්මනියෙන් එනවා. මේ ආයෝජකයෝ ඔක්කොම මම කැඳවනවා ලංකාවට”

ඩයනා ගමගේ මහත්මිය මේ බව පැවසුවේ දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වූ වැඩසටහනකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...