ශ්‍රී ලංකාවට අලුත් උප නායකයො දෙන්නෙක්

Date:

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවත්වෙන ක්‍රිකට් තරගාවලියෙදී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට මෙන්ම ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ද නව උප නායකයන් දෙදෙනෙක් නම් කිරීමට තීරණය කර ඇත.ඒ අනුව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නව උප නායකත්වය සඳහා වනිඳු හසරංග නම් කර ඇති අතර එක්දින කණ්ඩායමේ උප නායකත්වයට කුසල් මෙණ්ඩිස් නම් කර ඇත.මේ අතරින් කුසල් මිට පෙර ද අදාළ වගකීමට පත්ව ක්‍රියා කළ අයෙකි.
කණ්ඩායම් දෙක සඳහාම විසි දෙනෙක්ගේ නම් සඳහා ක්‍රීඩාඅමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති අතර ඒ අතරින් දෙදෙනෙක් විස්සයි විස්සයි කණ්ඩායම සඳහා ද,දෙදෙනෙක් එක් දින තරග සඳහා ද නම් කර ඇත.විස්සයි විස්ස සංචිතයට පමණක් නම් කර ඇත්තේ භානුක රාජපක්ෂ සහ නුවන් තුෂාර ය.එක්දින සංචිතයට පමණක් නම් කර ඇත්තේ ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවනිඳු ප්‍රනාන්දුය.
ඉන්දීය සංචාරය සඳහා නම් කරන ලද ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලියේ නොතේරීම සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයකට ලක් වූ චාමික කරුණාරත්න විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම යන කණ්ඩායම් දෙකටම නම් කර තිබීම ද විශේෂත්වයකි.
නම් කරන ලද ක්‍රිඩා කණ්ඩායම නායක දසුන් ශානක,උප නායක කුසල් මෙන්ඩිස්,උප නායක වනිඳු හසරංග,ධනංජය ද සිල්වා,පැතුම් නිශ්ශංක,අවිශ්ක ප්‍රනාන්දු,සදීර සමරවික්‍රම,භානුක රාජපක්ෂ,චරිත් හසලංක,අශේන් බණ්ඩාර,මහේෂ් තීක්ෂණ,ජෙෆ්රි වැන්ඩර්සේ,චාමික කරුණාරත්න,දිල්හාන් මධුශංක,කසුන් රාජිත,නුවනිඳු ප්‍රනාන්දු,දුනිත් වෙල්ලාලගේ,ප්‍රමෝද් මධුශාන්,ලහිරු කුමාර සහ නුවන් තුෂාර ය.
මෙම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවට ක්‍රීඩා අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිකුත් කරන ලද ලිපියේ දැක්වෙන ආකාරයට ජාතික ක්‍රීඩා සභාවේ මෙන්ම ජාතික තේරීම් කමිටුවේ ද අමාත්‍යංශයේ ද පරිපාලන කටයුතු පහසු කර ගැනීම පිණිස සෑම ක්‍රීඩා පරිපාලන ඒකකයක්ම සිය විදේශ සංචාර සඳහා සහභාගිවන ක්‍රීඩකයින් සහ කීඩා කණ්ඩායම් සම්බන්ධයෙන් අදාළ අනුමැතිය ලබා ගැනීමට සිය තේරීම් සඳහා අවසරය පතා කරන ඉදිරිපත් කිරීම් දින 21 ට පෙර ඉදිරිපත් කළ යුතු බව දන්වා ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෝදනා දෙකකට වරදකරු වූ අලි රොෂාන්ට බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 18, කොළඹ LNW : සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත්...

ට්‍රම්ප්ගේ ඇමරිකානු තීරුබදු තර්ජන හමුවේ කැනඩාව සහ මෙක්සිකෝව එක්ව කටයුතු කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

2026 අයවැයේ ඉලක්කය මෙන්න!

කොළඹ LNW: 2026 අයවැය මඟින් රටේ ඉදිරි සංවර්ධනයට අඩිතාලමක්...

වැසි තත්වයේ වෙනසක් – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 19) දිනයේදී බස්නාහිර, සබරගමුව,...