බලු මූණා කොටුවේ..

Date:

ආඩිඅම්බලම ප්‍රදේශයම බිය වද්දා ගනිමින් මංකොල්ලකෑම්, පැහැරගැනීම් සිදු කළ “බලු මූණා” කටුනායක පොලීසිය විසින් බලවත් පරිශ්‍රමයක් දරා ඊයේ (29) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

කාලිංග නලීන් මධුසංඛ නොහොත් බලු මූණා ආඩිඅම්බලම, සරණතිස්සගම පදිංචි 26 හැවිරිදි අවිවාහකයෙකි.

මොහු තවත් කල්ලියක් සකස් කර ගෙන ගෙවල් බිදීම්, මංකොල්ලකෑම්, කඩු කිනිසි පෙන්වා මහමඟ ධාවනය වන වාහන පැහැර ගැනීම් සිදු කරමින්, මුළු ප්‍රදේශයම භීතියට පත් කරගෙන සිටින බවට පොලීසියට පැමිණිලි ලැබී තිබූ බව පොලිස් ප්‍රකාශකවරයෙකු පැවසීය.

මීට අමතරව හෙරොයින් පානය කිරීම පිළිබඳව 54 වගන්තිය යටතේ 06 වරක් මොහු අධිකරණය හමුවේ චෝදනාවට ලක් වී තිබේ.

අත් අඩංගුවට ගැනීමෙන් පසුව මොහු විසින් පැහැර ගත් යතුරු පැදි දෙකක් කොළඹ ප්‍රදේශයට උගස් තබා තිබියදී කටුනායක පොලීසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

ආඩිඅම්බලම ප්‍රදේශවාසීන් මොහු අත් අඩංගුවට ගැනීම පිළිබඳව කටුනායක පොලීසියේ නිලධාරීන් හමුවේ සිය බලවත් ප්‍රසාදය පළ කර තිබේ.

මොහු අද (30) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රශ්නගත කන්ටේනර් 323 සහ මිද්දෙනියේ කන්ටේනර් දෙක අතර කිසිදු සම්බන්ධයක් නෑ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල රේගුවෙන් පරීක්ෂා නොකර නිදහස් කළ බවට...

අතහැර දැමූ ගමන් මල්ලක තිබී රුපියල් විසි කෝටි අනූ ලක්ෂයක් වටිනා කුෂ් මතුවෙයි!

‍රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW : කටුනායක ගුවන් තොටුපොළ...

මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ ඉඩමේ තිබී අත්බෝම්බ සහ උණ්ඩ හමුවෙලා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 06 කොළඹ LNW: මිද්දෙණියේ අයිස් අමුද්‍රව්‍ය හමුවූ...

සියඹලාණ්ඩුව “රිවිදනවි” සූර්ය බලශක්ති උද්‍යානයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

ජාතික පද්ධතියට වාර්ෂිකව ගිගාවොට්පැය 219ක දායකත්වයක් සහිතව , වසර...