ආගමන හා විගමන කාඩ්පත පිරිවීම ඔන්ලයින් ක්‍රමයට…

ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්පූර්ණ කළ යුතු ආගමන හා විගමන කාඩ්පත ලබන ජනවාරි 1 වෙනිදා සිට මාර්ගගත ක්‍රමයට සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලබාදී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට හෝ පිටවීමට දින තුනකට පෙර සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.immigration.gov.lk හෝ eservices.immigration.gov.lk යන වෙබ් අඩිවලට පිවිසීමෙන් කාඩ්පත සම්පූර්ණ කළ හැකි බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටවෙන සියලුම දෙනාගේ පහසුව වෙනුවෙන් මෙම පියවර ගත් බවද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉදිරි පැය 12 සඳහා කාලගුණයෙන් රතු නිවේදනයක් – නාවික සහ ධීවර ප්‍රජාවට විශේෂ දැනුවත් කිරීමක්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:ඉදිරි පැය 12ට වලංගු වෙන පරිදි බෙංගාල...

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා කෙරෙහි නේපාල බිලියනපති ව්‍යාපාරික බිනෝද් චෞද්‍රිගේ අවධානය!

‘ඕර්නබ්’ ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වෙයි – අද (27) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය 32% දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 27: ඇමරිකානු ජනාධිපති...