යුද හමුදාව සහ සීඑච් සම වෙයි

නිපොන් පේන්ට් වර්ණ ගන්වන ජාතික රගර් ලීග් සූරතාවලියේ තියුණුම තරගය ඊයේ දකින්නට ලැබුණු අතර ඒ අනුව කොළඹ තුරඟ තරග පිටියේ යුද හමුදා කණ්ඩායම සහ සීඑච් ඇන්ඩ් එෆ්සි කණ්ඩායම අතර පැවති තරගය ලකුණු 31 – 31 සේ ජය පරාජයෙන් තොරව අවසන් වුණා.තරගයේ පළමු අර්ධයේදී ලකුණු 17 – 14 ක් ලෙස යුද හමුදාව පෙරමුණේ රැඳුණ ද,තරගයේ දෙවන භාගයේ දී එම ප්‍රතිපලය කණපිට ගසන්නට සීඑච් කණ්ඩායම සමත් වුණා.ඒ අනුව දෙවන අර්ධයේදී සීඑච් කණ්ඩායම ලකුණු 7 ක් ලබමින් යුද හමුදා කණ්ඩායම ලකුණු 14 ට සීමා කළා.


මේ අතර සීආර් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම විසින් ලොන්ඩන් පිටියට කැදවා ගත් ආරාධිතයන් වූ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 36 – 19 ක ජයක් වාර්තා කරනු ලැබුවා.තරගයේ දෙවන අර්ධයේ ලකුණු 12 – 12 ක් ලෙස සම මට්ටමේ සිටිය ද,දෙවන අර්ධයේදී වේගයෙන් ක්‍රියාත්මක වූ සීආර් ක්‍රීඩකයෝ තවත් ලකුණු 24 කින් සිය ලකුණු ප්‍රමාණය ඉහළ දමා ගත්හ.ඒ වේගයට සාපේක්ෂව පසු බැසි පොලිස් කණ්ඩායමට එකතු කර ගන්නට හැකි වුයේ ලකුණු 7 ක් පමණි.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...