නම කැත නම් නාම යෝජනා නෑ – පොහොට්ටුවේ සාගර

Date:

නම කැත කරගෙන සිටින පළාත් පාලන නියෝජිතයන්ට මෙවර නාම යෝජනා ලබා නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

දේශපාලනයට පිවිසි පසු නම කැත කරගෙන සිටින ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු පක්‍ෂය තුළ සිටින බවට තොරතුරු ලැබී තිබෙන බවද ඒ මහතා කීය.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා සුදුසු අපේක්‍ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මේ වන විට ආරම්භ කර ඇතැයි ද හෙතෙම කීය.

විවිධ චෝදනාවලට ලක්ව නම කැත කරගෙන සිටින අපේක්‍ෂකයන්ට නාම යෝජනා ලබානොදීමට පක්‍ෂය ප්‍රතිපත්තිමය තීරණයක් ගත් බවද හෙතෙම සඳහන් කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...