දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයකට සූදානමින්. අද ධාවනය ගැනත් අනතුරු හැඟවීමක්

Date:

දුම්රිය ගමන් වාර 60 කට වැඩි සංඛ්‍යාවක් අද (02) දිනයේදී අවලංගු විය හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

සමස්ත දුම්රිය කාර්ය මණ්ඩලයෙන් 500 කට ආසන්න පිරිසක් පසුගිය 31 වනදා සිට විශ්‍රාම ගැන්වීමත් සමග ඇතිවී තිබෙන සේවක පුරප්පාඩු හේතුවෙන් මෙසේ වසරේ පළමු කාර්යාල දිනයේදීම දුම්රිය ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුවන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.

“31 වනදා දුම්රිය ගමන්වාර 44ක් අවලංගු වීමට නියමිත වුණා. 01 වනදා මේ මොහොත වන විට ගමන්වාර 7ක් පමණ අවලංගුවීම් සිද්ධවෙලා තියෙනවා. ඒක දෙගුණ තෙගුණ වෙන්න ඉඩ තියෙනවා. 02 දිනයේදී මේක 60ක් 70ක් වෙන්න පුළුවන් එහෙම වුණොත් දුවන දුම්රියන්ට ධාරිතාවය දරන්න බැරි වෙයි. මගීන් ගැටුම් ඇති කරයි දුම්රිය ස්ථානවලට ඇවිල්ලා. මාසේ මුල්ම දවසේ, අවුරුද්දේ මුල්ම දවසේ මේ තත්ත්වය උදාවෙනවා කියන එක නිෂ්චිතවම අපිට කියන්න පුළුවන්. කාර්යාලවලට යන මගීන්ට දැඩි බලපෑමක් සිද්ධ වෙනවා. විශ්‍රාම ගැන්වුණ සේවකයින්ට අවශ්‍ය විදිහට කොන්ත්‍රාත් පදනම මත සේවා ලබාදීමත් මේ වෙනකොට ඉටුවෙලා නැහැ. ඒ වගේම දිගින් දිගටම මේ බඳවාගැනීම් පිළිබඳව දැනුම්දුන්නා. ඒවා හරියට ක්‍රියානොකරපු එකෙන් අවුරුදු එක හමාරක් අනුමැතියකින් තොරව වැඩකරපු සේවකයින් 4දෙනෙකුට ඔවුන්ගේ ගෙවීමත් නොකර ඔවුන්ව ඉවත්කරලා දාන්නට මේ ‌දෙපාර්තමේන්තුව කටයුතු කරලා තියෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හිඟය මඟහරින්න නව දුම්රිය ස්ථානාධිපතිවරු බඳවාගත්තත් තනතුරු අනුමත කිරීම 2013න් පස්සේ සිදුවෙලා නැහැ. මේ හේතුවඋඩ මාතර සිට බෙලිඅත්ත දුම්රිය ස්ථාක ඉදිරි කාලසීමාවේදී අපිට වසාදමන්න සිදුවෙනවා. මේකට ඉදිරි සතියේදී නිවැරදි විසඳුමක් නැතිනම් අපි 09 වනදා වන විට මේ සමස්ත දුම්රිය දෙපාර්තමේන්තුවේ මේ කඩාවැටීමට එරෙහිව සියලු කාරණා මුල්කරගෙන අනිවාර්යෙන්ම වැඩවර්ජනයකට යනවා කියන එක මේ මොහොතේදී දැනුම්දෙනවා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

ගල් අඟුරු ටෙන්ඩරය ගැන කිසිදු චෝදනාවක් අපිට නෑ. නැව් 7යි ආවේ, ඩොලර් මිලියන 2ක් දඩ ගහලා තියෙනවා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල ගල් අඟුරු ටෙන්ඩරය සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක්...

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...