ඩුබායි ගිය ගෝඨාභය 5 ආපසු එයි !

Date:

සිය පවුලේ සාමාජිකයින් සමග නිවාඩුවක් ගතකිරීම සඳහා ඩුබායි රාජ්‍යයට ගොස් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනවාරි 05 වනදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 26 වනදා සිය බිරිඳ, පුත්‍රයා, ලේලිය සහ මිනිපිරිය සමග ඩුබායි රාජ්‍යය කරා පිටව ගොස් තිබිණි. එම සංචාරයට එක්වූ ඒ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර ඊට පෙර දිනම ඩුබායි බලා ගොස් තිබිණි.

ලබන 05 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා සිය බිරිඳ සහ පෞද්ගලික ලේකම්වරයා සමග යළි මෙරටට පැමිණීමට නියමිත අතර ඒ මහතාගේ පුත්‍රයා, ලේලිය සහ මිනිපිරිය යළි ඇමරිකාව බලා පිටව යාමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කර්මාන්ත අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් රූපලාවණ්‍ය නිෂ්පාදන පරීක්ෂණ රසායනාගාරයක්!

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය...

මැලේසියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරග පහක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 31,  කොළඹ LNW: ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අයත්...