මැතිවරණ කොමිසම ගැනත් සැකයක්? (VIDEO)

Date:

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දින වකවානු දෙසැම්බර් අගදී ප්‍රකාශයට පත්කරන බවට මැතිවරණ කොමිසම පැවසුවද එම කාලය ගෙවී ගියත් තවමත් කොමිසමේ තීරණයක් දැනුම් දී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කළේය.

ඒ, අද (02) පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සමඟ සාකච්ජා කිරීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජන්දය පවත්වන බවට කොමිසම පැත්තෙන් නිතර නිතර පැවසුවද ජන්දය කල්දැමීමට යම්කිසි යටිකූට්ටු ක්‍රියාමාර්ගයක් ගන්නා බව පෙනෙන්නට ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ජන්දය කල්දැමීමට නෛතික හැකියාවක් කොමිසමට නැති හෙයින් ජන්දය පැවැත්වීමට අදාළ තීරණය වහාම ගන්නා ලෙස කොමිසමේ සභාපතිවරයාට අවධාරණය කළ බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!