“හරිත මිනී පෙට්ටිය” හෙවත් සාර්කෝෆගස් නැවතත් ඊජිප්තුවට

“හරිත මිනී පෙට්ටිය” ලෙස හැඳින්වෙන ඊජිප්තුවට අයත් ඉපැරණි ලී සාර්කෝෆගස් වසර ගණනාවකට පසු එක්සත් ජනපදයේ හූස්ටන් ස්වභාවික විද්‍යා කෞතුකාගාරයෙන් නැවත ඊජිප්තුවට ලබා දී ඇති බව වාර්තා වේ.

පුරාවස්තු පිළිබඳ උත්තරීතර කවුන්සිලයේ ඉහළම නිලධාරියෙකු වන මොස්ටාෆා වසිරි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ සරොෆගස් පුරාණ ඊජිප්තුවේ අවසාන රාජවංශ යුගය දක්වා දිව යන අගනා නිර්මාණයක් බවයි. එය ක්‍රිස්තු පූර්ව 664 දී අවසන් පාරාවෝ පාලකයන්ගේ කාලයේ සිට මහා ඇලෙක්සැන්ඩර් රජුගේ ව්‍යාපාරය දක්වා විහිදේ. ක්‍රිස්තු පූර්ව 332 දීප්තිමත් ලෙස පින්තාරු කරන ලද ඉහළ මතුපිටක් සහිත මීටර් තුනක් (අඩි 9.5) පමණ උසැති සර්කෝෆගස්හි පැවැති සමහර සෙල්ලිපි මකා දමා තිබුණද, එය ඇන්ඛෙන්මාට් නම් පුරාණ පූජකයෙකුට අයත් විය හැකි බව තොරතුරු වාර්තා වේ.

ලොව පුරා ව්‍යාප්තව ඇති ඊජිප්තුවට අයත් පුරාවිද්‍යාත්මක ශේෂයන් 5,300ක් පමණ 2021 සිට නැවත ඊජිප්තුවට ලබා ගැනීමට එහි බලධාරීන් විසින් සමත් විය. මෙම අවස්ථාවට සම්බන්ධ වෙමින් ඊජිප්තුවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ, එක්සත් ජනපදයේ සිටින අපගේ මිතුරන් සමඟ සහයෝගීතාවයෙන් හා උත්සාහයෙන් පසුව ඊජිප්තුවේ ඉතිහාසයේ අගනා කොටසක් නැවත සොයා ගන්නා ලද බවයි.

ඊජිප්තුව පවසන්නේ කෞතුක වස්තු ආපසු ලබා දීමත් සමඟ ඔවුන්ගේ ආර්ථිකය සඳහා තීරණාත්මක ආදායම් මාර්ගයක් වන සංචාරක ක්ෂේත්‍රය නංවාලීමට උපකාරී වන බවයි. ඊජිප්තුව නුදුරේදීම ගීසා පිරමිඩ අසල නව කෞතුකාගාරයක් විවෘත කිරීමට බලාපොරොත්තු වන අතර, එහි වඩාත් ප්‍රසිද්ධ පුරාණ ඊජිප්තු එකතු කිරීම් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද කියැවේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...