බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නැහැ – ගැමුණු විජේරත්න

ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ගාස්තු අඩු කිරීමට නම් ඩීසල් මිල 4% කින් අඩු විය යුතු බවයි.

ඊයේ (02) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය.

ඒ අනුව රුපියල් 420 ක් ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල පහළ දැමුවේ රුපියල් 15 කිනි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 405 කි.

රුපියල් 365 ක් ව පැවති ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩුකර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 355 ක් වනු ඇති.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල අඩු කිරීමට සාපේක්ෂව තමන් ද ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පහත දැමූ බව ලංකා අයි ඕ සී සමාගම නිවේදනය කළේ ය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෝඨාභයගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට!

කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට...

ලක් මාතාව රනින් බැබලවූ රුමේෂ් දිවයිනට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW: ජපානයේ අයිචි-නගෝයා හි පැවැති...

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...