*
Friday, September 20, 2024
spot_img

Latest Posts

තියුණු සටනකින් පසු ශ්‍රී ලංකාවට ලකුණු දෙකක පරාජයක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු විස්සයි විස්ස තරගයෙන් ලකුණු දෙකක ජයක් ඉන්දියාවට හිමි වුණා.ඉන්දීය කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් කණ්ඩායමේ නොමැතිවීම නිසා එය නවක කණ්ඩායමක් සේ නම් කරන්නට උත්සාහ කළ ද එහි සිටින බොහෝ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්ඩායමේ ක්‍රීඩකයින්ට වඩා ජාත්‍යන්තර විස්සයි විස්ස අත්දැකීම් ඇති ක්‍රීඩකයින්.එහි විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දෙසීය ඉන්මවා සහ්භාගි වූ ක්‍රීඩකයින් පවා සිටිනවා. ඉන්දියාව සැළසුමකට අනුව ඔවුන්ට තරග අත්දැකීම් ලබා දී අවශ්‍ය්‍ය ඕනෑම අවස්ථාවක තරග සඳහා යෙදවිය හැකි ආකාරයට සූදානම් කර තිබෙනවා.
ඊයේ පළමුවරට විස්සයි විස්ස වරම් ලැබූ ක්‍රීඩකයින් දෙදෙනෙක් සිටි අතර ලකුණු 22 ට කඩුලු 4 ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වුණ ශිවම් මාවී ඉන් එක් අයෙක්.අනෙකා වූයේ ශබ්මාන් ගිල්.විස්සයි විස්ස කණ්ඩායමට ඊයේ පිවිසියද ජාත්‍යන්තර අත්දැකීම් ඇති ඉන්දිය ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ඔහුයි.


ඒ නිසා අත්දැකීම් ඇති ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමක් සමඟ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට අවස්ථාව ලබා දුන්නා.පළමු පන්දු ඕවරයේ කසුන් රාජිතගෙන් ඉෂාන් කිශාන් ලකුණු 17 ක් සොරා ගත්තද ඉන් අනතුරුව මහේෂ් තීක්ෂණ සහ චාමික යම් පාලනයක් සහිතව ඉන්දීය කණ්ඩායමේ කඩුලු දෙකක් සොරා ගත්තා.ඒ අතර චාමිකට ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙණුනම පිතිකරුවෙක් වූ සූරියකුමාර් යාදෙව් ද සිටියා.
හාර්ඩික් පාන්ඩයා සහ ඉෂාන් කිෂන් ප්‍රහාරය වේගවත් කරන්නට උත්සාහ කළ ද වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ ප්‍රමුඛව ශ්‍රී ලංකා පන්දු යවන්නන් එය පාලනය කරමින් සිටියා.නමුත් ලකුණු 94 ට කඩුලු පහක් බවට තරගයේ 15 වන ඕවරයේ පළමු පන්දුව නිමා වන විට පත් වූ ඉන්දීය ලකුණු පූවරුව එතැන් පටන් වේගවත්ව ඉදිරියට ගෙන ගිය දීපාක් හූඩා පන්දු 23 දී නොදැවී ලකුණු 43 ක් සහ අක්ෂාර් පටෙල් පන්දු 20 දී ලකුණු 31 ක් රැස් කරනු ලැබුවා.ඔවුන් පන්දු 35 දී නොබිදි ලකුණු 68 ක් එකතු කරමින් ඉන්දීය ඉණිම පන්දු ඕවර් 30 නිමා වන විට කඩුලු 5 ට ලකුණු 162 ක් බවට පත් කළා.
නායක දසුන් එක් පන්දු ඕවරයකට ධනංජය කැඳවා එක් කඩුල්ලක් දවා ගෙන යළි ඔහුගෙන් ප්‍රයෝජන නොගත් අතර ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්මේ තරගයේදී පන්දු ඕවර් නවයක් යවා ලකුණු 57 ක් පමණක් ලබා දීමේ වාසිය රැක ගන්නට උත්සාහ නොකිරීම අවාසියක්.ඉතිරි පන්දු ඕවර් 11 තුළ ශ්‍රී ලංකාවෙන් උඳුරා ගත් ලකුණු ප්‍රමාණය ලකුණු 105 ක්.එසේම අවසාන පන්දු ඕවර් කිහිපයේදි ප්‍රහාරයට ලක් වූ කසුන් සහ ඩිල්ෂාන් මධුශංඛ වෙනුවට ඊයේ දිනයේ ඔවුන් දෙදෙනාට සාපේක්ෂව ලකුණු අඩුවෙන් ලබා ගත් චාමිකව යෙදවීමට තිබුණු ඉඩ ද දසුන්ගෙ සැළකිල්ලට යොමු වුණේ නැහැ.


පිළිතුරු ඉණිමේ දී ශ්‍රී ලංකාවේ මුල් කඩුලු 4 ලකුණු 51 ට අහිමි වුණා.ලෝක කුසලාන තරගාවලියේදී ද දකින්නට ලැබුණ එක ලකුනු එකතුවීමේ අඩුව මේ තරගයේදී ද දකින්නට ලැබුණ අතර හතරේ සහ හයේ පහර පමණක් ලකුණු සේ සිතන්නේද යන ගැටළුව මෙහිදී ද මතුව පෙණුනා.සටහන අගට එකතු වන ලකුණු විස්තරය කියවා ගැනීමෙන් මේ තත්ත්වය තව දුරටත් පැහැදිළි කර ගැනීමට හැකියි.සිව්වන කඩුල්ල ලෙස කුසල් මෙණ්ඩිස් දැවී යන විට ඔහු ලකුණු 28 ක් එකතු කර තිබුණ ද සෙසු ක්‍රීඩකයින් සතුටුදායක දායකත්වයක් ලබා දී තිබුණේ නැහැ.
මේ අතර ශ්‍රි ලංකා ඉණ්ම ගැන බලාපොරොත්තු ඇති කරමින් දසුන් ශානක ලකුණු 45 ක් එක් කරේ පන්දු 27 දී හයේ පහර සහ හතරේ පහර තුන බැඟීන් සටහන් කරමින්.වනිඳු හසරංග පන්දු 10 න් ලකුණු 21 ක් එකතු කරා.වනිඳු සහ දසුන් පන්දු 23 දී හයවන කඩුල්ලට එකතු කළ ලකුණු 40 ශ්‍රී ලංකා ඉණිමේ හොඳම සමබන්ධය වුණා.මේ වේගය නිසා නැවත ශ්‍රී ලංකාවට තරගය ගැන බලාපොරොත්තු එකතු වුණා.
කඩුලු හයක් ලකුණු 108 ට අහිමිව තිබියදී පිටියට පිවිසි චාමික කරුණාරත්න දසුන් ශානකට හොඳ සහයක් දෙමින් ඉණිම ස්ථාවර කරන්න සහය දුන්නා.එහෙත් දසුන් දැවී යාමෙන් පසුව සිඳු වුයේ චාමික හුදෙකලා වීමයි.ඔහු පන්දු 6 ක් තුළ හයේ පහර දෙකක් සමඟ ලකුණු 23 ක් ලබා නොදැවී සිටියා.ඔහුට එක ලකුණේ සහය හෝ හිමි විණිනම් තරගයේ ඉරණම වෙනස් වන්නට තිබුණා.අවසාන කඩුලු දෙකම ශ්‍රී ලංකාවට දුවද්දී දැවීම් සේ අහිමි වුණා.
තරගයේ 17 වන පන්දු ඕවරයේ 4 වන පන්දුවට දසුන් ශානක දැවී ගොස් 18 වන පන්දු ඕවරයේ හතරවන පන්දුවට ශිවම් මාවි මහේෂ් තීක්ෂණ දවා ගන්නා තෙක් ලකුණු 3 ක් පමණක් එක් වීම ශ්‍රී ලංකා ඉණිමට තීරණාත්මක බලපෑමක් ඇති කළා.
මහේෂ් තීක්ෂණ 18 වන ඕවරයේදී දැවී යන විට ශ්‍රී ලංකාවට පන්දු 14 දී ලකුණු 30 ක් අවශ්‍යයව තිබුණා.එයට සාර්ථකව පිවිසි චාමික ඒ වන විට සිටි එකම පිතිකරුවා වීම නිසා අවසන් පන්දුව වන විට ජයග්‍රහණය ලබන්නට නම් අනිවාර්යෙන් හතරේ පහරක් ලබා ගත යුතුව තිබුණා.චාමික ද දසුන්ටම ප්‍රහාරයට ඉඩ සකස් කිරීම සිඳු නොකර ඔහු සිටියදී ද,දිගු පහරවල් සඳහා යොමු වන්නට උත්සාහ කළේනම් අවසාන මොහොතේ දැරූ මහන්සියට මීට වඩා සතුටුදායක ප්‍රතිපලයක් එකතු වන්නට තිබුණා.
කෙසේ හෝ හයේ හතරේ පහර තරමටම විස්සයි විස්ස තරගයක ජයග්‍රහණයට කඩුලු අතර දිවීමෙන් එකතු වන ලකුණුත් වැදගත් බව නැවතත් ශ්‍රී ලංකාවට සිහිපත් කර දෙමින් ඉන්දියාව ජයගත් තරගයක් වගේම ශ්‍රී ලංකාවට ජයග්‍රහණය අත හැරුණු තරගයක් ලෙස පළමු විස්සයි විස්ස තරගය අවසන් වුණා.


ලකුණු විස්තරයට – https://www.espncricinfo.com/series/sri-lanka-in-india-2022-23-1348629/india-vs-sri-lanka-1st-t20i-1348640/full-scorecard

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan