ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට අපි සූදානම් – සාගර කාරියවසම්

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතව සිටි සියළු දේශපාලන පක්ෂ සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කෙරෙන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ඒ මහතා මේ බව
ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ (2023.01.02) දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා,

“සමස්ථ ශ්‍රී ලංකාවාසී සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. මේ වන විට රටේ අවධානය යොමුවී තිබෙන්නේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන්. මැතිවරණ කොමිෂන් සභාව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා නොබෝ දිනකින් මැතිවරණයට අදාල ගැසට් නිවේදනය පළකරන බවට. අපි පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවරත් සන්ධාන ගතව සිටින සියළු පක්ෂ සමග සාකච්ඡා කර තීරණය කර තිබෙනවා ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට.මැතිවරණයට අදාල ගැසට් නිවේදනය නිකුත්වූවාට පසු අවශ්‍ය ඉදිරි කටයුතු කෙරෙනවා. මෙයට පෙර කටයුතු කළ ආකාරයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන නාමය යටතේ පොහොට්ටුව ලකුණින් මෙවරත් පළාත් පාලන ඡන්දයට තරඟ කෙරෙනවා. අපි එක්සත් ජාතික පක්ෂය සමගත් යම්තාක් දුරකට සාකච්ඡා කලා. නමුත් මේ වනවිට අපිත් සමග කලින් සන්ධාන ගතවූ පක්ෂ සමඟ හා පළාත් පාලන ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර අපි තීරණයකට එළඹුනා පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට. සමහර විට අවස්ථා ඇතිවෙයි ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අපේ අපේක්ෂකයින් සහිතව ඔවුන්ගේ පක්ෂවල ලකුණින් තරඟ කිරීමටත්. කෙසේ නමුත් අති බහුතරයක් පළාත් පාලන ආයතන පොහොට්ටුව ලකුණින් තරඟ කෙරෙනවා.එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීමක් පිළිබඳව තවමත් ඍජු තීරණයක් ගෙන නැහැ. දෙපාර්ශවය අතර අදහස් හුවමාරුකරගෙන තිබෙනවා. ඒ හැර මෙතෙක් තීරණයක් ගෙන නැහැ. කෙසේ නමුත් තවමත් සාකච්ඡා අවසන් නැහැ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අති බහුතරයක් කොට්ඨාශ ජයග්‍රහණය කළහැකි බවට අපි විශ්වාස කරනවා. පක්ෂයක් හැටියට අපි ඉන්ධන හෝ විදුලිබිල වැඩිකර ජනතාවට බර පැටවිය යුතු නැහැ කියන තැන හැමදාම ඉන්නවා. හිටපු බලශක්ති ඇමතිවරයා ඉන්ධන මිල වැඩි කළ අවස්ථාවේදීත් අපි පක්ෂයක් ලෙස විරෝධය පෑවා. අපි හැම තිස්සෙම දැරූ මතය මිල වැඩි කිරීම ආර්ථිකය මත පටවන්නේ නැතුව ජනතාවට ආර්ථික වශයෙන් නැගිටීමට අවස්ථාව දිය යුතුයි. ඉන් පසුවයි තීරණයක් ගතයුත්තේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...