පොඩි බෙකම් බ්‍රෙන්ෆෝර්ඩ් හා එක් වෙයි

Date:

මෑත ඉතිහාසයේ ලෝකයේ දක්ෂතා අතින් මෙන්ම කඩවසම් පෙණුම නිසා ද අතිශයින් ජනප්‍රිය පාපන්දු තරුවක් වූ එංගලන්ත පාපන්දු කණ්ඩායමට නායකත්වය දුන් ඩෙවිඩ් බෙකම් ගේ පුත්‍රයා වන රොමියෝ බෙකම්, මේ පාපන්දු වාරය සඳහා බ්‍රෙන්ෆොර්ඩ් පාපන්දු සමාජයේ බී කණ්ඩායම නියෝජනයට කැඳවා ඇත.


සිය පියා මෙන්ම ඉන්ටර් මියාමි සමාජය සමඟ එක්ව සිටි රොමියෝ,මෙවර තරග වාරයේදි අලුත් කන්ඩායම වෙනුවෙන් හොඳ ක්‍රීඩා රටාවක් පෙන්වීමට අපේක්ෂාවෙන් සිටියි.ලොවම වසඟයට ගත් පාපන්දු ක්‍රීඩකයෙක් වු සිය පියාට වරක් රොමියෝ පවසන්නේ තමන්ට පාපන්දු ක්‍රීඩා කිරීමට අනවශ්‍යය බවයි.දුකක් දැණුන ද,එය දරාගෙන සිය පුත්‍රයාගේ කැමත්තට එකඟ වන ඩේවිඩ් ඔහුගේ කැමත්ත ඇතුව රෝමියෝව ටෙනිස් ක්‍රීඩාවට යොමු කරන්නේය.එපමණක් නොව සුපිරි ක්‍රීඩක ඇන්ඩි මරේ යටතේ පුහුණුවට ද යවන්නේය.
නමුත් 2020 වසරේ දි යළිත් පාපන්දු පිටියට ආදරය කරන්නට හිත හදාගන්නා මේ තරුණයා දැන් විසි හැවිරිදි ය.දැනටමත් ආකර්ශණය කර ගැනීමට හැකි ප්‍රහාරයන් සතු ක්‍රීඩකයෙක් ගේ ගති ලක්ෂණ මතු කරමින් සිටින රෝමියෝ ඉදිරියේදී තවත් බොහෝ දේ කරනු ඇතැයි සිතිය හැකිය.සමහර විට එය එංගලන්ත පාපන්දු පිටියට තවත් බෙකම් කෙනෙක්ගේ පහස ලැබෙන දිනයක් විය හැකිය.


රෝමියෝ,ජුලියට්ට තරමටම පාපන්දු පිටියට ආදරය කරන දවසක ඩේවිඩ්ගේ ආකර්ශණිය පෙණුමද සහිත මේ ගැටවරයාට ලෝකයේම ආදරය ලබන්නට හැකි වෙනු ඇත.බොහෝ ජුලියට්ලා සිය සිහන තුළ රොමියෝ කර ගත් බෙකම්ගේ ආදරණීය ආකර්ශණය පාපන්දු පිටිය තුළ යාවත්කාලීන කිරීමේ හෙට දවසට ඩේවිඩ්ට මෙන්ම රෝමියෝට ද ක්‍රීඩා හැකියාව තරමටම පෙණුම ද ආභරණයක් විය හැකි බව මේ සමඟ වන ඡායාරූප කිහිපයම ඔබට සහතික ලබා දෙනු ඇත.



RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...