නීති විරෝධී සීනි රාජසන්තකයි..

Date:

නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රතු සීනි මෙට්‍රික්‌ ටොන් 600 ක් සහ සුදු සීනි තවත් මෙට්‍රික්‌ ටොන් 600 ක් ඊයේ (06 දා) සවස රාජසන්තක කරන ලදි.

රේගු නීති උල්ලංඝනය කරමින් මේවා ආනනය කර ඇති නිසා මෙසේ රාජසන්තක කෙරිණි.

රතු සීනි දැනට ලංකාවේ නිෂ්පාදනය කරන නිසා ලංකාවට රතු සීනි ආනයනය දැනටමත් තහනම් කර තිබියදී මෙසේ මේවා ගෙන්වා ඇත. කන්ටේනර් 30 ක මෙම රතු සීනි ආනයනය කර තිබූ අතර, ඒවා පෑලියගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තැනපත් කර තිබියදී ඊයේ (06 දා) සවස මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා රේගු නිලධාරීන් සමඟ එම සීනි තොගය පරීක්‍ෂාකර බලා එය රාජසන්තක කිරීමට පියවර ගත්තේය.

අදාළ කන්ටේනර්වල සුදු සීනි සමඟ සඟවා රතු සීනි ආනයනය කර තිබීම නිසා රේගු නීති උල්ලංඝනය කිරීම මත එම මෙට්‍රික්‌ ටොන් 1200 ක සීනි තොගයම රාජසන්තක කිරීමට පියවර ගෙන තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: 2026 සරත් සෘතුවේ NYFW විලාසිතා ආකරයේ හයිලයිට්ස්!

සටහන – පුලී පෙබරවාරි 12, LNW (කොළඹ): විලාසිතා ලොවේ අති උත්කර්ෂවත්...

ට්‍රම්ප්ගෙන් බිඳී, එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය කැනඩාවේ තීරුබදු අවසන් කරන පනතක් සම්මත කිරීමට ඡන්දය දෙයි…

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාව මත පනවා...

ජනනි රනින්,බුද්ධික රිදියෙන් ලක්මව සරසයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...