නොරොච්චෝලේ අක්‍රිය කර තිබූ ජනන යන්ත්‍රය අද සිට යළිත් සක්‍රීය කෙරේ

Date:

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (08) සිට යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න මහතා ප්‍රකාශ කළේ නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබූ පළමු ජනන යන්ත්‍රය මේ වන විට පණ ගන්වමින් ඇති බව ය.

ඉදිරි දින දෙක ඇතුළත එහි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළ අතර පසුගිය 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කළේ නඩත්තු කටයුත්තක් සිදු කරන බව පවසමිනි.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 300 කි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුසට සාගිනි හදට සෝගිනි ඉවරයි – ටිල්වින්ගෙන් අලුත් කවියක්

ජනතා විමුක්ති පෙරමුණේ 36 වැනි ඉල් මහ විරු සමරුව...

පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය තවදුරටත් – වැසි තත්වයේ වර්ධනයක්

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට නැගෙනහිර දෙසින් වන පහළ වායුගෝලයේ...