නොරොච්චෝලේ අක්‍රිය කර තිබූ ජනන යන්ත්‍රය අද සිට යළිත් සක්‍රීය කෙරේ

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (08) සිට යළිත් සක්‍රීය කරන බව, ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එහි අතිරේක සාමාන්‍යාධීකාරි ධම්මික නවරත්න මහතා ප්‍රකාශ කළේ නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කර තිබූ පළමු ජනන යන්ත්‍රය මේ වන විට පණ ගන්වමින් ඇති බව ය.

ඉදිරි දින දෙක ඇතුළත එහි ධාරිතාව ජාතික පද්ධතියට එක් කළ හැකි වනු ඇතැයි ද ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළ අතර පසුගිය 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කළේ නඩත්තු කටයුත්තක් සිදු කරන බව පවසමිනි.

ඒ හේතුවෙන් ජාතික පද්ධතියට අහිමි වූ විදුලි ධාරිතාව, මෙගාවොට් 300 කි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...