“වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්” සමුළුව අමතන ජනපති රනිල්

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් අන්තර්ජාලය ඔස්සේ මාර්ගගතව පවත්වනු ලබන “වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්“ සමුළුවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇරියුම් ලබා තිබේ.

ජනවාරි 12 සහ 13 යන දිනවල පැවැත්වෙන මෙම සමුළුවට ලෝක නායකයන් 21 දෙනකු එක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 12 දා සමුළුව ඇමතීමට නියමිතය.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මුලසුන දරන මෙම සමුළුවට අසල්වැසි රටවල නායකයන් හැරුණු විට, අප්‍රිකානු රටවල් වන ඇන්ගෝලා, ඝානා, නයිජීරියාව, මොසැම්බික්, සෙනගල්, ආසියාන් රටවල් වන තායිලන්තය, කාම්බෝජය, වියට්නාමය, උස්බෙකිස්තානය, මොංගෝලියාවේ නායකයින් සහභාගී වනු ඇත. සමුළුව සැසි 10කින් සමන්විත වන අතර, ආරම්භක සහ අවසන් නායකයන්ගේ සැසි අගමැති මෝදිගේ ප්‍රධානත්වයෙන්ද ඉතිරි සැසි අට අමාත්‍ය මට්ටමින්ද පැවැත්වේ.

අමාත්‍ය මණ්ඩල සැසිවාර මුදල්, පරිසර, විදේශ, බලශක්ති, සෞඛ්‍ය, අධ්‍යාපන සහ වෙළඳ මට්ටමින් පැවැත්වේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා 13 දා සමුළුව ඇමතීමට නියමිතය. සමාරම්භක නායකයන්ගේ සැසියේ තේමාව “ගෝලීය දකුණේ හඬ – මානව කේන්ද්‍රීය සංවර්ධනය සඳහා” වන අතර අවසාන නායකයන්ගේ සැසියේ තේමාව වන්නේ “හඬේ එකමුතුකම – අරමුණේ එකමුතුකම” යන්නයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...