ඝාතකයෙක් නැති ඝාතනයක් : ලසන්ත වික්‍රමතුංග

Date:

ලසන්ත වික්‍රමතුංග නැමති මාධ්‍යවේදියා ඝාතනය කොට දාහතර වෙනි වර්ශය ඉකුත්වී තිබුනේ ඊයේ දිනටය. ඔහු විසින් හෙලිදරව් කෙරුණු මිග් ගනුදෙනු වංචාවක් ගැන පුවතක් වසංකිරීම උදෙසා මේ ඝාතනය සිදුවූ බව එදා තැන් තැන්වල රහසේ කතා උනි.

මිග් ගනුදෙනුව පමණක් නොව ලසන්තගේ ඝාතකයන් කවුරුන්ද යන්න පවා අදටත් අබිරහසකි. අධි ආරක්ෂක කලාපයක් අසල දෙනෝදාහක් ගැවසෙන මහමග මහදවල් සිදුවූ මේ ප්‍රසිද්ද මාධ්‍යවේදියාගේ ඝාතනය සහ එයට වගකිව යුතු කිසිවෙකු නැති මේ සිද්දිය එවකට ලංකාව තුල තිබූ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොනවට කියා පායි.

එදා එජාපයේ ප්‍රධාන කැම්පේන් එක වී තිබුනේ ලසන්ත ඝාතනයට එරෙහි විරෝධයයි. ලසන්තගේ දේහය ආදාහනය කල දිනයේදී “සාටකයා ඝාතකයා” කියමින් එ.ජා.ප. බොරැල්ල කනත්ත දෙවනත් කලේය.

නමුත් එය පක්ෂය ප්‍රවර්ධන කරන දේශපාලන කැම්පේන් එකකින් එහාට ගොස් ලසන්තට යුක්තිය ඉෂ්ඨ කරන තැනකට එ.ජා.ප. ය එය කිසිදා රැගෙන ගියේ නැත.

රනිල් – මෛත්‍රී ආන්ඩුව පැවති සමයෙදී ද ලසන්තට යුක්තිය ඉෂ්ඨ කිරීම වෙනුවෙන් ගත් ඝෘජු ක්‍රියාමාර්ග කිසිවක් දක්නට නොලැබුනි. ඒ වෙනුවට ඇතැම් අවස්තාවල ලසන්තගේ බිරිඳ හා දූදරුවන්ද එ.ජා.ප. බලදේශපාලනය වෙනුවෙන් බාවිතා කිරීමට උත්සාහ දරණු දුටුවෙමු.

ඉතිහාසයේ එක් මොහොතක මහ ජනයා විසින් සාටක රාජපක්ෂවරු පසුපස පන්නන්නට වූ මොහොතක ඔවුන්ව බෙරාගැනීමට පැමිණියේද එ.ජා.ප. යයි.

එහිදී රනිල්, රාජපක්ෂවරුන් බේරා ගැනීමට ගත් මහා වෑයම ලසන්තගේ කෲර ඝාතකයන් සෙවීමට නොගත්තේ ඇයි? ඒ ලංකාවේ මජර දේශපාලනයේ ස්වබාවයමද ? එතකොට ඒ ඝාතනයන්ට සම්බන්ද විරෝධය හුදු දේශපාලන කැම්පේන් එකක් විතරද?

ඝාතක චෞරයන්ට එරෙහි මාධ්‍ය බවිතාවක සිටි ලසන්තගේ ඝාතනය අද සියල්ලන්ටම අමතක කාලයේ වැලි තලාවෙන් වැසීගිය අභිරසක් පමණි.

එය ඝාතකයෙකු නැති ඕපපාතික ඝාතනයක් ලෙස මේ අවාසනාවන්ත දූපතේ ඉතිහාසට එක්වි ඇත ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිරුණිකා ඇතුළු 15කට එරෙහි නඩුව කැඳවීමට දින දෙයි!

කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකාර...

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...