දළදාවට අපහාසකළ පුද්ගලයා සහ ජාතික ජන බලවේගය අතර සම්බන්ධයක් තිබෙනවා ද?

Date:

ඉකුත් දිනක යූටියුබ් ක්‍රියාකරුවකු වන සේපාල් අමරසිංහ නැමැත්තා දළදා වහන්සේ ට අපහාස කළ බවට නැඟුනු චෝදනාව මත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මෙම පුද්ගලයා ඔහුගේ යූටියුබ් වේදිකාව තුළ ජාතික ජන බලවේගයට පක්ෂපාතී අදහස් පළ කිරීම මත ඔහු සහ ජාතික ජන බලවේගය අතර සම්බන්ධයක් ඇති බවට රාවයක් ගොඩ නැඟෙමින් පවතී.

ඊයේ (08) දින ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර, ඔහු ඊට පිළිතුරු ලබා දී තිබිණි.

“ඔබ දන්නවද අපේ රටේ එහෙම ඡන්දයක් ආසන්නයේදීම ඔය වගේ දේවල් වෙනවා. ඔබට මතක ඇති ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රචාරක කටයුතු අවසන් කරපු රාත්‍රියේ නාග ලෝකෙ ඉඳන් නාගයෙක් ඇවිල්ලා ප්ලාස්ටික් බෝතලයක සුබ පණිවිඩයක් අරන් වගේ දේවල් ප්‍රසිද්ධ කළා.

තව ඔබට මතක ඇති ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ප්ලෑන් එක වෙලා තිබ්බේ ජාතික ආරක්ෂාව. ඔහු යුද්ධය අවසන් කරන වෙලාවේදී ජාතික ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කර අපේ රටේ ආරක්ෂාව ගොඩනගන්න විශාල හැකියාවක් ගෝඨාභය රාජපක්ෂට තියෙනවා කියලා සමාජ මතයක් ඇති වුණා. ඒක තමයි ඔහුගේ ප්ලෑන් එක. අන්න ඒ ප්ලෑන් එකට අවශ්‍ය වෙන්න මාකට් එකක් ඔහු හැදුවා. ඒ මාකට් එක තමයි වඳ පුත්තු වඳ ඇඳුම් වඳ දොස්තරලා එකේ උච්ච ස්ථානය තමයි පාස්කු ප්‍රහාරය. අදත් මේ පාස්කු ප්‍රහාරයෙ ප්‍රධාන සැකකරුවන්, මහමොලකරුවා අත්අඩංගුවට ගන්න බැරිවෙලා තිබෙනවා. ඒ කියන්නේ මොකක්ද තමන්ගේ බලය වෙනුවෙන් එවැනි විනාශකාරී තත්ත්වයන් පවා ඇති කරන්න පුළුවන් පාලකයන් පිරිසක් මේ රටේ ඉන්නවා. හැම වෙලාම රටේ ආර්ථිකය ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගේ අයිතිවාසිකම් කෘෂි කර්මාන්ත සංවර්ධනය ධීවර කර්මාන්ත සංවර්ධන, මිනිසුන්ගේ නිදහස මේ පිළිබඳ කරුණු සමාජයේ මතු කරලා ඒ ගැටළු විසඳනවා වෙනුවට ජාතිය ආගම වැනි මිනිසුන්ගේ පොදු හැඟීම් මත දේශපාලනය කරන සූදුවක් ආරම්භ වෙලා තිබෙනවා.

මෙවැනි සූදුවක් තමයි මේ රට තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඔය කියන දළදා අපහාසයට සම්බන්ධ පුද්ගලයා ජාතික ජන බලවේගය හෝ ජනතා විමුක්ති පෙරමුණේ හෝ ක්‍රියාකාරී සාමාජිකයෙක් වත් කිසිවකුවත් නොවෙයි. ඔබ බැලුවොත් 2019 – 20 කාලයේදී ඔහුගේ ප්‍රකාශ – ඔහු ප්‍රධාන වශයෙන් ම සඳහන් කරලා තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂගේ කඳවුරට සම්බන්ධ ප්‍රකාශ. ඉතින් ඒ ප්‍රකාශ දැක්කහම අපිට තේරුම් ගන්න පුළුවන් ඔහු ඒ කඳවුරට සම්බන්ධ පුද්ගලයෙක් කියලා.

ඔහු පහුගිය කාලයේදී යූටියුබ් නාලිකාවක් ආරම්භ කරමින් ඔහුගේ මතය සමාජයට ප්‍රකාශ කළා. ඔහු ආරාධනා කරල තිබ්බ සමහර ඒවාට. අපි හැංඟෙන නායකයෝ නෙවෙයි. අපි ගිහිල්ලා මුහුණ දීලා තිබෙනවා. දැන් හැංගෙන නායකයන්ට ඒ සමග සාකච්ඡා හොයාගන්න බෑ. මොකද උන් යූටියුබ් නාලිකා වලට නෙවෙයි රූපවාහිනී සහ මාධ්‍ය සාකච්ඡා වලට වත් සාකච්ඡාවක් දෙන්නෙ නෑ. ඉතින් ඔහු අපි සම්බන්ධව අගයන තත්ත්වයේ ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම විවේචනාත්මකවත් ඉදිරිපත් කරලා තිබෙනවා.

ඉතින් යූටියුබර් කෙනෙක් විදියට ඔහුගේ අයිතිය ස්වාධීනව ප්‍රකාශ කරමින් තිබෙනවා. මම දැක්කා පහුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ අය; කවුද මේ විපක්ෂ නායක ද කොහෙද; මේ පැනික් වෙච්ච ස්වභාවය පෙන්නුම් කරනවා. ඉතිං බෞද්ධාගම පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව අපේ නිසි ඇගයීමක් සහ නිසි තත්ත්වයක් අප තුළ තිබෙනවා. ඉතින් ඒ වගේම ඕනෑම ආගමක ඕනෑම දර්ශනය පිළිබඳව අපිට විවාද කරන්න පුළුවන්. රට ඉදිරියට යන්නේ ඒ විදිහට. හැබැයි ඒ රට ආගමේ ගෞරවයට පත් වෙන ස්ථාන ගෞරවයට පාත්‍ර වෙන පොත්පත් ඒවා පුළුස්සා දැමීම, ඒවාට ප්‍රහාර එල්ල කිරීම, ඒවාට පරුෂ වචනයෙන් බැන වැදීම යම් සමාජ කලබලයක් ඇති කරගැනීමට කරන ලද කුමන්ත්‍රණයක්. මේ වගේ දේවල් රට තුළ සිදු නොවිය යුතුයි. මෙහෙම දේවල් සිදුවෙන හැම අවස්ථාවකදිම ඒවා පරාජය කරන්න ජාතික බලවේග ජන බලවේගය ක්‍රියාත්මක වෙනවා…”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ධවල මන්දිරයේ නවතම තීරණය: ශ්‍රී ලංකාවටත් බලපායි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වැඩසටහන් 24කට...

ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට...

ඊශ්‍රායල ගැටුමෙන් මියගිය හමුදා නායකයින් සඳහා ඉරානය රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පවත්වයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය විසින් එල්ල...

කොළඹ වරාය සහ කොළඹ නගරයම අවධානමක – NPP ආණ්ඩුව ඉන්දියාව එක්ක හොර ගිවිසුමක් අත්සන් කරලා! (VIDEO)

කොළඹ LNW:කොළඹ ඩොක්යාඩ් සමාගමේ 51%ක අයිතිය ඉන්දියාවේ පැසගන් ෂිප්ඩොක්...