මිහින්තලේ හාමුදුරුවෝ සංවේදී වෙති…

Date:

ජනතා ප්‍රශ්න නොවිසඳා මැතිවරණයකට යන්නේ නම් ඡන්දය කටුගෑමේ වාර්තාවක් තැබීමට රටේ පුරවැසියන් පියවර ගත යුතු බව මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසති.

උන්වහන්සේ සඳහන් කළේ, මැතිවරණය දේශපාලඥයින්ගේ වුවමනාවක් මිස රටේ සාමාන්‍ය මහජනතාවගේ අවශ්‍යතාවක් නොමැති බවය.

අනුරාධපුර ප්‍රදේශයේ ගැබිනි මව්වරුන්ට ආහාර ලබාදීමේ වැඩසටහනකට එක්ව සිටි උන්වහන්සේ මෙම අදහස් පළ කර අතර, එහිදී උන්වහන්සේ ඉතා සංවේදී වන අයුරු ද කැමරාවේ සටහන්ව තිබුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු පුජ්‍ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමි,

“කන්න ටිකක් දීලා කුස පුරවලා මේ රටේ අනාගතය භාරගන්න ඉන්න මේ පුංචි මල්කැකුළුවලට යම් උපකාරයක් කරන්න තිබෙනවා නම් ඒක මහා භාග්‍යයක් කියලා තමා මම හිතන්නේ… මොකද කුසේ ඉන්න දරුවා දන්නේ නෑ මේ රට විනාශ කළේ මොකද කියලා. අනුරාධපුරයට කියන්නේ වැව් බැඳි රාජ්‍ය කියලා. බත සපයපු ජාතියක් අපි. නමුත් අද වෙද්දි අපිට තෙල් ටික නෑ. පොහොර ටික නෑ. එම නිසා ඔබත් ඔබේ බඩේ ඉන්න දරුවත් අද කුසගින්නේ. අපිත් වැරැද්දක් කරා. අවුරුදු 75ක් පුරා අපි එන එන එකාට ජය වේවා කිව්වා. අපිට ජය වේවා කිව්වේ නෑනේ. ඔබතුමන්ලා ළඟට කවුරුත් එනවා ද පොත් ටිකක්, හාල් ටිකක් අරන් දෙන්න…

දැන් ජනතාවට සේවය කරන්න ටිකක් කිට්ටු වෙනවා දේශපාලනඥයෝ. ඡන්දයක් එනවා නේ ළඟ. බඩු මල්ලක් දෙයි. වේදිකාවට යන් සමෘද්ධිය කපනවා කියයි. ජොබ් එකක් දෙන්නම් කියයි. දැන් ජොබ් දෙන්නේ නෑ. රැවටෙන්න එපා. බඳවා ගන්න එපා කියලා තහනම් කරලා තියෙන්නේ. ඒක නිසා එක එක දේශපාලුවෝ ඇවිත් කියයි අපිට ඡන්දේ දෙන්න කියලා. රැවටුණා ඇති. ආය රැවටෙන්න එපා. කතිරේ ගහන්න එපා. ඡන්දේ දැම්මොත් ඇඟිලි දෙක කපන්න ඕනේ. රැවටෙන්න නම් එපා පුතෝ. එහෙම ඡන්දේ තිබුණොත් උදේන්ම් ගිහින් කටුගාලා ඇප නැති කරන්න ඕනේ.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...