ATM මුදල් කොල්ලයට පොලිස් OIC වරයෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට !

Date:

දකුණු පළාතේ බැංකුවල ATM යන්ත්‍රවලින් රුපියල් කෝටියකට අධික මුදලක් සොරකම් කිරීමේ සිදුවීමට අදාළව පොලිස් ස්ථානාධිපතිවරයකු සහ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු 5 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුව ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් අය අතරින් විදේශිකයින් දෙදෙනා බල්ගේරියානු ජාතිකයින් වන අතර එයින් එක් අයකුට කැනඩාවේ පුරවැසිභාවය හිමි බවත් සඳහන්.

අත් අඩංගුවට ගත් පොලිස් නිලධාරියා මීගහතැන්න පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා ය.

විදේශිකයින් දෙදෙනා කොළඹ සුපිරි මහල් නිවාස සංකීර්ණයක නවාතැන්ගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇති අතර පොලිස් නිලධාරියා පිටිගල, අමුගොඩ ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...

තායිලන්ත මහ මැතිවරණයෙන් Bhumjaithai පක්ෂය අනපේක්ෂිත හා විශිෂ්ට ජයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් අසන්න... තායිලන්තයේ...