විදුලි බලධාරීන්ගේ අලුත්ම සෙල්ලම ගැන ඉංජිනේරු සංගමයෙන් හෙළිදරව්වක්! (VIDEO)

Date:

මේ වන විට සපුගස්කන්ද පිරිපහදුවේ නැප්තා ඉන්ධනය ලීටර මිලියන 10ක් සූදානම්ව පවතින නමුත් ලංකා විදුලි බල මණ්ඩලය වෙත නිදහස් කිරීමට කටයුතු කර ඇත්තේ ලීටර මිලියන 2.9ක වැනි ඉතා සුළු ප්‍රමානයක් බවත් එය සෑහෙන්නේ දින දෙක තුනකට බවත් ගල් අඟුරු නොමැති තත්ත්වයක නැප්තා හෝ නිදහස් නොකරන්නේ කුමන හේතුවකටද යන ප්‍රශ්නය මතුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය පවසයි.

එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා අද (10) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කළේ.

නැප්තා ඉන්ධනය අවශ්‍ය ලෙස නිදහස් කරන්නේ නම් කැලණිතිස්ස බලාගාරය ක්‍රියාත්මක කළ හැකි අතර ගල් අඟුරුවලට වඩා අඩු මුදලකින් නැප්තා ඉන්ධනය මඟින් විදුලි ඒකකයක් ජනනය කළ හැකි බවයි වීරරත්න මහතා සඳහන් කළේ.

මෙවැනි තීරණ කවුරුන් විසින් ගන්නා ඒවාදැයි නොදන්නා බව හෙතෙම කියාසිටියි.

මේ අතර අය ක්‍රමයක් සැකසීම සඳහා ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙන බවත් වීරරත්න මහතා කියාසිටියේය.

කෙසේවෙතත් දේශපාලන අධිකාරිය විසින් විදුලි නිලධාරීන්ට අය ක්‍රම සකස් කිරීම සම්බන්ධයෙන් විවිධ බලපෑම් සිදුකරමින් පවතින අතර නිලධාරීන් දැඩි අසරණභාවයකට පත්ව සිතන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...