වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Date:

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

පළමු මහල, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, 43-48, යෝක් වීදිය, කොළඹ 01. ලිපිනයෙහි පිහිටි වෙළඳ නාවික ලේකම් කාර්යාලය හදිසි අවශ්‍යතාවයක් මත දැනට පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යාමට සිදුව ඇති බැවින් මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් අද (10) දින සිට 2023.01.12 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

එම නිසා සේවා ලබා ගැනීම සඳහා වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණිමෙන් වළකින ලෙස සේවාලාභින් වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම මාර්ගගත ක්‍රමයට (Online) පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව වැඩිදුරටත් දැනම් දී තිබේ.

එම සේවාවන් පිළිබඳ තොරතුරු www.dgshipping.gov.lkවෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...