වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

Date:

වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙළෙඳ නාවික ලේකම් කාර්යාලයේ මහජන සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.

පළමු මහල, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, 43-48, යෝක් වීදිය, කොළඹ 01. ලිපිනයෙහි පිහිටි වෙළඳ නාවික ලේකම් කාර්යාලය හදිසි අවශ්‍යතාවයක් මත දැනට පිහිටි ගොඩනැගිලි පරිශ්‍රයෙන් වෙනත් ගොඩනැගිල්ලක් වෙත රැගෙන යාමට සිදුව ඇති බැවින් මහජනතාව වෙත සපයනු ලබන සේවාවන් අද (10) දින සිට 2023.01.12 දින දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති බව එම කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ.

එම නිසා සේවා ලබා ගැනීම සඳහා වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණිමෙන් වළකින ලෙස සේවාලාභින් වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම මාර්ගගත ක්‍රමයට (Online) පවත්වාගෙන යන සේවාවන් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන බව වැඩිදුරටත් දැනම් දී තිබේ.

එම සේවාවන් පිළිබඳ තොරතුරු www.dgshipping.gov.lkවෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...

ජනාධිපති ට්‍රම්ප්ගේ වියදම් පනත් කෙටුම්පත රිපබ්ලිකන් සෙනෙට් සභිකයන් සම්මත කරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 29; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...