චන්ද්‍රිකාට දයාසිරිගෙන් පිළිතුරු …

Date:

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කරන්නේ නම් තම පාලන සමයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවල වගකීම ද ඇය භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ සමඟ හැදූ ආණ්ඩුවේ උපදේශිකාවක් ලෙස ද කටයුතු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඔවුන් හා එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව ද ජයසේකර මහතා සඳහන් කළේය.

රනිල්, චන්ද්‍රිකා ඇතුළු පාර්ශව ඊළඟ මැතිවරණයට එක්ව තරඟ කරන්න සූදානම් වන අතරතුර රට තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද සහභාගීත්වයෙන් ගොඩනැගෙන බටහිරට ගැති නොවූ වාමාංශික බලවේගය විනාශ කරන්නට සැරසෙන බව කී මහලේකම්වරයා බටහිර බලවතුන්ගේ ඔඩොක්කු කුක්කන් වන ඒ අය ගැන ජනතාව දැනගත යුතු බව ද කීවේය.

පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...