චන්ද්‍රිකාට දයාසිරිගෙන් පිළිතුරු …

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පාස්කු ඉරුදින වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට චෝදනා කරන්නේ නම් තම පාලන සමයේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවල වගකීම ද ඇය භාරගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා පොදුජන පෙරමුණ සමඟ හැදූ ආණ්ඩුවේ උපදේශිකාවක් ලෙස ද කටයුතු කරන චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඔවුන් හා එක්ව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බව ද ජයසේකර මහතා සඳහන් කළේය.

රනිල්, චන්ද්‍රිකා ඇතුළු පාර්ශව ඊළඟ මැතිවරණයට එක්ව තරඟ කරන්න සූදානම් වන අතරතුර රට තුළ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ද සහභාගීත්වයෙන් ගොඩනැගෙන බටහිරට ගැති නොවූ වාමාංශික බලවේගය විනාශ කරන්නට සැරසෙන බව කී මහලේකම්වරයා බටහිර බලවතුන්ගේ ඔඩොක්කු කුක්කන් වන ඒ අය ගැන ජනතාව දැනගත යුතු බව ද කීවේය.

පක්‍ෂ මහලේකම්වරයා මේ බව පැවසුවේ එම පක්ෂ මූලස්ථානයේ දී අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්, ගම්මන්පිල, දිලිත් ඇතුළු හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 11, 12, 13 කැඳවීමට නියම කරයි

සටහන - රුවන් නෙළුගොල්ල අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ,...

රුවන්ඩාවේ F1 තරගයක් පැවැත්වීම ගැන ලුවිස් හැමිල්ටන්ගෙන් ප්‍රකාශයක්

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ):මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් මතුව...

ප්‍රංශයේ වෙඩි තැබීමක් – එක් අයෙක් මරුට, සිව් දෙනෙකුට තුවාල

සටහන – පුලී ඔක්තෝම්බර් 23, LNW (කොළඹ): පැරිස් නගරයට බටහිරින් පිහිටි...