ජනපති සහ දෙමළ දේශපාලන පක්ෂ අතර සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන්

ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර ඊයේ (10) දිනයේදී පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වූ බව ටෙලෝ පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛකලනාදන් මහතා පවසයි.

උතුරු නැගෙනහිර අත්පත් කරගත් ඉඩම් ආපසු ලබාදීම, 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම ඇතුළුව තම පාර්ශ්වයෙන් පසුගිය මාසයේදී ඉදිරිපත් කළ මූලික යෝජනා තුන සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට ආණ්ඩුවේ පාර්ශ්වය තවත් සතියක කාලයක් ඉල්ලා සිටි බවයි ඒ මහතා සඳහන් කළේ.

ඒ අනුව ජනවාරි 10, 11, 12 යන දින තුන පුරාම පැවැත්වීමට නියමිතව තිබුණු සාකච්ඡා වටය ඊයේ දිනයේදීම අවසන් වූ බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...