නියෝජ්‍ය කථානායකගේ ඉඩමක ගංජා වගාවක්

Date:

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාට අයත් ඉඩමක් කුලී පදනම මත ලබාගෙන එහි කොටසක කංසා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සූරියවැව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මත්තල, ගම්මිරිස් කමත ප්‍රදේශයේ පිහිටි අජිත් රාජපක්ෂ මහතාට අයත් අක්කර 50කින් යුත් ඉඩමකින් අක්කර 10ක ප්‍රමාණයක් අදාළ පුද්ගලයාට එළවලු වගාවක් සඳහා කුලී පදනම මත ලබාදී ඇති අතර එම පුද්ගලයා එහි අක්කර දෙකහමාරක කොටසක කංසා වගාකර ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කළේ.

කතරගම පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරක් මත වැටළීම සිදුකර ඇති අතර කංසා හේනේ අඩි පහක් පමණ උසට කංසා වැවී තිබුණු බව සඳහන්.

සැකකරු නඩු භාණ්ඩ සමග අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...