විශ්‍රාම වැටුප් අද ලැබේවි ද..??

මේ මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් මුදල් බැංකු වෙත මුදා හැරීම ප්‍රමාද වූ බවයි.

විශ්‍රාම වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියන 26 ක් පමණ වැයවන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ඊයේ ඇතැම් බැංකු වෙත මුදල් නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයෝ රැසක් දැඩි පීඩාවට පත්වූහ.

මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට හා සමෘද්ධි ඇතුළු රජයේ සහනාධාර සඳහා අවශ්‍ය මුදල් ද නිශ්චිත දිනවල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...