විශ්‍රාම වැටුප් අද ලැබේවි ද..??

Date:

මේ මාසයේ විශ්‍රාම වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු ගිණුම් වෙත මුදා හරින බව මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

ඔහු පැවසුවේ, භාණ්ඩාගාරයේ මූල්‍ය තත්ත්වය හේතුවෙන් මුදල් බැංකු වෙත මුදා හැරීම ප්‍රමාද වූ බවයි.

විශ්‍රාම වැටුප් සඳහා මාසිකව රුපියල් බිලියන 26 ක් පමණ වැයවන බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා ඊයේ ඇතැම් බැංකු වෙත මුදල් නොලැබීම හේතුවෙන් විශ්‍රාමිකයෝ රැසක් දැඩි පීඩාවට පත්වූහ.

මේ අතර මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසුවේ, රාජ්‍ය සේවක වැටුප් ගෙවීමට හා සමෘද්ධි ඇතුළු රජයේ සහනාධාර සඳහා අවශ්‍ය මුදල් ද නිශ්චිත දිනවල නිකුත් කිරීමට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවක වැටුප් හෝ සමෘද්ධි ඇතුළු සුබසාධන දීමනා ගෙවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගත යුතු නැති බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු...

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...