රජයේ වියදම් අඩුකිරීමට තවත් පියවරක් …

Date:

අධික ලෙස කුලී ගෙවමින් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන සියලුම රජයේ කාර්යාල රජය සතු ස්ථාන කරා ගෙනයන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

රජයේ වියදම් අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත්තේ.

එසේම රාජ්‍ය ආයතනවල ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් විශේෂයෙන්ම විදුලි පංකා සහ වායුසමන යන්ත්‍ර භාවිතය අවම කරන ලෙසත් උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම සියලුම රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන්ට දිනපතා නියමිත රාජකාරි එම දිනයේම නිම කරන ලෙසත් ඔවුන් එසේ කරන්නේදැයි සොයා බලන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

ට්‍රම්ප් ප්‍රංශ වයින් සහ ෂැම්පේන් සඳහා 200% තීරුබදු පැනවීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 21, කොළඹ LNW : හබරාදුව ප්‍රාදේශීය සභාවේ...

නන්දන ඔබට සුභ ගමන්.

නන්දන ගුණතිලක සහෝදරයා ජාතියට සමුදෙමින් අවසන් ගමන් ගියා.නන්දන මිය...