බිත්තර ආනයනය ගැන තීරණයක්

Date:

බිත්තර ආනයනය පිළිබ​ද විශේෂ සාකච්ජාවක් අද (12) අද පෙරවරු 8.30ට මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වේ.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, වෙළෙඳ අමාත්‍යාංශය ලේකම්වරයා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළපෙළේ නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගීවීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා සඳහන් කරන්නේ, බිත්තර ආනයනය සම්බන්ධයෙන් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිදු කළ විශේෂ අධ්‍යයනයේ වාර්තාව අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව ඇති බවයි. අදාළ වර්තාවෙන් නිර්දේශිත කරුණු පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ අද පැවැත්වෙන හමුවේදී කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව සඳහන්.

මේ අතර ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව සහ ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඊයේ (11) කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබෙන්නේ, විදෙස් රටවලින් කුකුළු බිත්තර ආනයනය කිරීම මගින් රටතුළ කුරුළු උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමකට ළක්විය හැකි බවයි.

කෙසේ වෙතත් කුරුළු උණ රෝගය පිළිබඳව අවදානමක් ඇති රටවලින් බිත්තර ආනයනය සිදු නොකිරීමට සැලසුම් කර ති​බේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...

ඔබ නොදුටු නේපාලයේ සොඳුරු මිනිසා Binod Chaudhary…

නේපාලයේ බිලියනපති බිනෝද් චවුද්රිගේ ජීවිතය සහ වෘත්තීය ගමනේ සොඳුරු...

බාල ගල් අඟුරු ප්‍රශ්නය ගැන සොයන්න සජිත් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මතුව තිබෙන ගල් අඟුරු ප්‍රශ්නය සම්බන්ධයෙන් ස්වාධීන...