මහබැංකුව පොළී අනුපාත ඉහළ දමයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පදනම් අංක 50 බැගින් පිළිවෙළින්, 5.50% සහ 6.50% දක්වා ඉහළ නැංවීමට තීරණය කර තිබේ.

මේ අතර බැංකු අනුපාතිකය, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සමඟ ස්වයංක්‍රීයවම ගැළපුම් කරමින් සියයට 9.50 ක් දක්වා වැඩිවනු ඇත.

කෙසේවෙතත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය පවතින 4.00% මට්ටමේ ම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මහබැංකුව විසින් ගනු ලැබූ මෙම තීරණය ”සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්” වශයෙන් හැඳින්වේ.

RN