දිනේෂ් ෂාෆ්ටර් මරණයට පොලීසියට චෝදනා කරන අයට තල්දූව කියූ දේ…

පසුගියදා ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් කරුණක් වූයේ ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයයි.

නමුත් එය සියදිවි හානි කර ගැනීමක්ද ඝාතනයක්ද යන්න පිළිබඳ සැබෑ තතු තවමත් හෙලිවී නොමැත.

එය සිතා මතා යට ගැසීම සඳහා පොලීසියට හා අදාළ පාර්ශවයන්ට බලපෑම් එල්ල වෙනවා ද යන්න පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා දෙරණ BIG FOCUS වැඩසටහන සමග එක්වෙමින් පවසා සිටියේ, එවැනි බලපෑම් සිදුකරන අයෙකු සිටී නම් ඔවුනට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බවය.

ෂාෆ්ටර් ඝාතනය පිළිබඳ පොළිසියට යම් අයෙකු චෝදනා කරන්නේ නම් ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ නිහාල් තල්දූව මහතා…

“පොලීසිය පැහැදිලිව විමර්ශන කරගෙන යනවා. මෙවැනි විමර්ශනයක් කරන්නේ පොලීසිය තනියම නෙමෙයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා ඍජුව සම්බන්ධ වෙනවා, රජයේ රස පරීක්ෂකවරයා ඍජුව සම්බන්ධ වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන් ගත්තහම කණ්ඩායම් රාශියක් එකතුවෙලා මේක කරන්නේ. ප්‍රාදේ‍ශීය වශයෙන් තියෙන පොලිස් කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කොට්ඨාසය, ඒ විතරක් නෙමෙයි. නීතිපතිවරයා ඒ වගේම අධිකරණය. මේ සියල්ල ඒකරාශි වෙලා කරන දෙයක්. මේක තනියම කරන දෙයක් නෙමෙයි. ඒ නිසා මුදල් ලබාදීලා පොලීසියට මේක යටපත් කරන්න උත්සාහ කරනවා කියන එක අපි ප්‍රතික්ෂේප කරනවා පැහැදිලිවම. නමුත් යම් ආකාරයක එවැනි තොරතුරක් තියෙනවා නම් අපි ඒ පිළිබඳව ඉඟියක් ලැබුණොත් ඒ පිළිබඳව සොයා බලනවා කවුද එහෙම කරන්න උත්සාහ කරන පුද්ගලයා කියලා.”

දෙරණ BIG FOCUS වැඩ සටහනින් උපුටා ගැනීමකි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමට පෙත්සමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු...

හූති ප්‍රහාර හමුවේ ඉහළ යන තෙල් මිල – බොරතෙල් බැරලයක් ඩොලර් 115ත් පසු කරයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සවුදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් මත හූති...

නගර සභා සභාපතිවරයකු විසින් පහර දුන් බව පවසමින් ගරාජ් හිමිකරුවෙකු රෝහලට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කඩුගන්නාව නගර සභා...