ඔඩිස්සාවට ක්‍රේග්ගෙන් සහ හේවර්ඩ්ගෙන් ගෝල වැසි

Date:

ජාත්‍යන්තර හොකී සම්මේලනය මෙහෙයවන පිරිමි ලෝක සූරතා හොකී තරගාවලියේ තරග හතරක් ඊයේ නිමාව දුටු අතර එහිදී විශිෂ්ඨම ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ටොම් ක්‍රේග් සහ ජෙරමි හේවර්ඩ් ගෝල තුන බැඟින් වාර්තා කිරීම කැපී පෙණුනා.ඉන්දියාවේ ඔඩිස්සා හී බුබනේස්වර් කාලිංඝ ක්‍රිඩාංගණයේ පැවති මෙම තරගයේදී ප්‍රංශ කණ්ඩායමට ගෝල 8 – 0 ක් පරාජයක් අත් විඳින්නට සිඳු වුණා.
තරගාවලියට ඒ කාණ්ඩයෙන් ඉදිරිපත්ව සිටින ඕස්ට්‍රේලියාව සහ ප්‍රංශය අතර තරගය එසේ නිමා වෙද්දී එම කාණ්ඩයේ සිටින ආර්ජෙන්ටිනාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ආර්ජෙන්ටිනාව ජය ගත්තා.ඒ ගෝල 1- 0 ක් ලෙසයි.
බී සහ සී කාණ්ඩයේ තරග අද පැවත්වෙන අතර ඩී කාණ්ඩයේ තරග දෙකක් ද ඊයේ නිමා විය.ඒ අතරින් සත්කාරක ඉන්දියාවට හමු වූයේ ස්පාඤ්ඤ කණ්ඩායමය.එම තරගයේ අවසානය ගෝල 2- 0 ක් ලෙස නිමාවට පත් වූයේ ඉන්දියාවට ජය හිමිකර දෙමින්ය.එංගලන්තය සහ වේල්සය අතර පැවති ඩී කාණ්ඩයේ තරගයේ ප්‍රතිපලය වූයේ ගෝල 5 – 0 ක් සේ එංගලන්තය ජය ගැනීමය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවේ බැංකු කොයි තරම් ලාබ ලබනවාද ?

ලංකාවේ බැංකු වල ලාබ පිළිබඳව විවිධ දුර්මත ප්‍රචලිතව තිබෙනු...

අද (29) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 29) දිනයේදී බස්නාහිර, සබරගමුව...

ජාතික ආරක්ෂාවට වැදගත් වන ජීවත් වීමේ අයිතිය තහවුරු කරන්න වත්මන් රජය අපොහොසත් වෙලා – සජිත් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල මිද්දෙනිය ප්‍රදේශයේ තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීමත්...

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...