*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

වෙනත් දේශපාලන ඉත්තෙක්ට පාපන්දුව යළිත් රැවටෙයි ….?

අද පැවත්වෙන පාපන්දු නිලවරණයේදී හිටපු සභාපති ජස්වර් උමාර් වෙත සහභාගීත්වය වළක්වමින්,ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය නියෝගයක් නිකුත් කර තිබෙනවා.(එම නියෝගය ද මේ සටහනේ අග දැක ගන්නට හැකියි)ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන ජස්වර් උමාර් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය සම්බන්ධයෙන් එහි සභාපති ධුරයට තරග වදින තමාට එරෙහිව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පත්කල අභියාචනා කමිටුව ලබා දී ඇතැයි කියන නිර්දේශ සම්බන්ධව තමා කිසිත් නොදන්නා බවත් එහි කිසිදු පිටපතක්වත් තමාට ලැබී නැති බවත් අනිවාර්‍යෙන් නිලවරණයට ඉදිරිපත් වීමට තමා කටයුතු කරන බවත් පවසනවා.
මෙම අභියාචනා සම්බන්ධයෙන් තමාව කැදවා හෝ කරුණු විමසා නැති බවත්,සාමාන්‍යයෙන් ස්වාභාවික යුක්තියේ මූලධර්ම යටතේ පුද්ගලයකුට කරුණු ඉදිරිපත් කිටරීමටත්,තමා නිවැරැදි බව ඔප්පු කිරීමටත් අවස්ථාවක් ලබාදිය යුතු බවත් ජස්වර් පෙන්වා දෙනවා.මෙවැනි කිසිදු අවස්ථාවක් තමන්ට ලබානොදීමෙන් තමාගේ මුලික අයිතිවාසිකම්ද කඩවී ඇති බව ඔහුගේ අදහස යි.
තමා පාපන්දු සම්මේලනයේ ලේකම්වරයාව සිටියදී 2018 වසරේදී මනිලාල් ප්‍රනාන්දු මහතාගේ දූෂණ සම්බන්ධව විගණකාධිපතිවරයාට ඉදිරිපත් කරන ලද වාර්තාව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුව විසින් අනුමත කරන ලද්දක්ද නැද්ද යන්න පිලිබදව වූ කාරණාවක් සම්බන්ධව ගත් තීරණයක් ගැන ගැටළුවක් ගැන මිස. තමා කිසිදු විටක කෝප් කමිටුව හෝ වෙනත් කිසිදු කමිටුවක් මගින් වරදකරුවකු කර නොමැතිබවජස්වර් උමාර් අවධාරණය කරනවා. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහගේ චේතනාව තමන්ට අවශ්‍ය හෙංචයියන් මෙම තනතුරට පත් කිරීම සදහා කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කර තිබීම බවට තමා තුළ සැකයක් ඇතැයි ද ජස්වර් පෙන්වා දෙනවා.
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය කැදවීමෙන් පසු ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය කිරීම,එම නව සංශෝධනය තුල පුද්ගලයින් ඉලක්ක කර ගනිමින් ඔවුන් නිලවරණ තුලින් ඉවත් කිරීමට තැත් කිරීම, මෙම ක්‍රීඩා රෙගුලාසි සංශෝධනය අධිකරණ නිවාඩු කාලයේදී නිකුත් කිරීම,අභියාචනා මණ්ඩලයට කරුණු දැක්වීමට අවස්ථාව ලබා නොදීම ,නිලවරණය පැවැත්වීමට පැය කිහිපයක් ඉතිරිව තිබියදී අපේක්ෂකයෙක් ඉවත් කිරීමට තැත් කිරීම, ඔවුන්ට අභියාචනා කිරීමට හෝ අධිකරණයේ පිහිට පැතීමට තරම් කාලයක්වත් ලබා නොදීම මගින් මෙහි පැහැදිලි කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ලෙස චෝදනා ගණනාවක් ඉදිරිපත් කරන ජස්වර් උමාර්, තමා අනිවාර්‍යෙන්ම නිලවරණයට ඉදිරිපත්වන බවත් එයින් ජයග්‍රහණය කරන බවත් පවසනවා.මාධ්‍යට අදහස් දක්වමින් තමාට නිලවරණයට ඉදිපත්වීමට නොහැකියැයි කීම අමූලික බොරු බවත්,ඔවුන් අභියාචන කමිටුව විසින් ඇමතිවරයාට එවූ ලිපියක් පෙන්වමින් මෙම බොරුව සමාජගත කිරීමට ගත් උත්සාහය ඉතාමත් කැත පහත් හා නින්දිත බවත් ජස්වර් උමාර්ගේ අදහසයි.
ක්‍රීඩාවට දේශපාලනය සම්බන්ධ කරගැනීමෙන් ක්‍රීඩාවට හානි වන බවත් ඇමතිවරයාගේ නමටද විශාල කැලලක් ඇතිවන බවත් ජස්වර් උමාර් පෙන්වා දෙනවා.
නිවැරදිව පාපන්දු නිලවරණය පැවත්වීම මේ වන විටත් වසරකට වැඩි කාලයක් ප්‍රමාද වී තිබෙනවා.එම ප්‍රමාදයට හේතු වූයේ ක්‍රීඩා අමාත්‍යංශය සහ ජස්වර් පාර්වශය එකට සිටීමයි.මේ වන විට ජස්වර්ට විරුද්ධව ඇති චෝදනාවන් හී පදනම ගොඬ නැඟෙන්නේත් ඔහු ක්‍රීඩාවේ දේශපාලන නායකත්වය පිනවීමට කරන ලද වැඩ කටයුතු පදනම් කර ගෙනයි.ඒවාට මුල් තැන දෙමින් ජාතික තරගාවලි සියල්ල පවා දෙවන තැනට දැමීමෙන් කටයුතු කරන්නට නායකත්වය දුන් ජස්වර් උමාර් ගේ පාලනය ඇතුළත සිඳු කළ ක්‍රීඩාවට වූ දේශපාලන හානියට දැන් තව පිරිසක් වෙන මුහුණුවරක් දෙන්නට උත්සාහ කරමින් සිටිනවා.ක්‍රීඩා අමාත්‍යවරයාට හොඳ කෙනා සහ වඩාත් හොඳ කෙනා තෝරා ගන්නට ඉඩක් ආ අවස්ථාවක වඩාත් හොඳ කෙනා තෝරා ගැනීමට ඉඩ තිබෙනවා.
පාපන්දු ප්‍රේමීන් කියා ගන්නා පිරිස් යළිත් ඉතිහාසයම ප්‍රතිරාව නංවමින් දේශපාලන හානියට එරෙහිව දේශපාලනයම තෝරා ගැනීමෙන් අත් විය හැකි ඉරණම තව දුරටත් පැවති දේශපාලන උවදුරෙන් වෙනත් දේශපාලන උවදුරකට පාපන්දු පැවරීමයි.ඉතාමත් නිර්භීතව පාපන්දුව වෙනුවෙන් අමාත්‍යවරයා,රජයේ ක්‍රීඩාව සම්බන්ධ පරිපාලන ආයතන සහ පාපන්දු පරිපාලනය එක්ව පාපන්දුවලට සිඳු කරන හානිය වෙනුවෙන් පෙනී සිටි පිරිස් දැන් සිඳු කර ඇත්තේ පාපන්දු පරිපාලනයේ තනතුරට සිටිය පුද්ගලයාට වඩා අමාත්‍යවරයා,රජයේ ක්‍රීඩාව සම්බන්ධ පරිපාලන ආයතන පිනවිය හැකි සමීප පුද්ගලයෙක් ඉදිරිපත් කිරීමයි.
පළමු වෙඩි මුරය අන්තර්ජාතික වශයෙන් තබා තිබියදීත්,නිලවරණයට ඉදිරිපත් වන ජස්වර් නැවත්වීම සම්බන්ධයෙන් නිලවරණයට පැය කිහිපයක් තිබියදී ගෙන ආ එම නියෝගය නිලවරණ කමිටුවට අමාත්‍යවරයාගේ බලපෑම වක්‍රාකාරයෙන් එල්ල කරන බවට සාක්ෂි සපයන්නක්.එයින් පැහැදිළිව පෙනෙන්නේ අමාත්‍යවරයා විසින් පත් කළ අභියාචනා කමිටුවේ තිරණයක් පරිදි නිලවරණ කමිටුවට රාජ්‍ය නිලධාරීන් හරහා බලපෑමක් ඉදිරිපත් කිරිමට දරණ උත්සාහයක් හැටියටයි.
නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සිට රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ද,ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද,පාපන්දු පරිපාලනයට එරෙහිව ඉදිරිපත් කරන ලද කරුණු නොසළකා කටයුතු කළ බව පාපන්දු පරිපාලනයෙන් පාපන්දු ගලවා ගැනීමේ උවමනාවෙන් පෙනී සිටි අය නිතර පැහැදිළි කරනු ලැබුවා.වය්‍යවස්ථාව වෙනස් කිරීම ගැන මෙන්ම නිලවරණය ප්‍රමාද කිරිම ආදී කරුණවලදි ද විසුරුවා හැරිය යුතු පරිපාලනයට තව දුරටත් කාලය ලබා දීම මෙන්ම හිටපු පරිපාලනයට පක්ෂපාති අදහසක් ඇතුව ජාත්‍යන්තර පාපන්දු නිලධාරීන් සමඟ කටයුතු කිරීම ගැන පරිපාලනයට විරුද්ධ වූවන් අදහස් දක්වමින් කියා සිටියා.
අපට පෙනෙන්නට තිබූ සහ පෙන්වා දුන් ඒ අශුද්ධ සංධානයෙන් දැන් ජස්වර් උමාර් ඉවත් කර ඔහු වෙනුවට එම කොටස් දෙක පාලනයට වෙන පුද්ගලයෙක් ගැන කල්පනා කරනු විනා පාපන්දුව ගැන අදහසක් මෙතෙක් කල් පාපන්දු ප්‍රේමීන් සේ පෙනී සිටි අයගෙන් දකින්නට නොලැබීම කණගාටුදායකයි.ඒ අනුව පෙනී යන්නේ ඔවුන්ට පාපන්දු ප්‍රේමය වෙනුවට තමන් කිහිප දෙනෙක්ට යම් වගකීමක්,වැදගත්කමක් දැනෙන සහ පැවරෙන වයහුයක් යටතේ දේශපාලනය සහ ක්‍රිඩාවේ රාජ්‍ය බලය සමඟ සමීපව වැඩ කරන්නට පාලනයක් සොයා ගැනීම පමණි.
කෙසේ හෝ කාලය විසින් කා දමා වර්ධනය නවත්වා දමා ලෝකයේ පහළටම ඇඳ දැමූ පාපන්දු අද පැවත්වෙන නිලවරණයෙන් පසුව තවත් කාලයකට අක්‍රීයවම පවතින්නට තිබෙන ඉඩ වැඩි බව අපේ විශ්වාසය වෙනවා.ජස්වර් උමාර් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු තැන පසුකර අවසාන මොහොතේ ඔහුට නිලවරණය අහිමි කිරීමට ගත් උත්සාහයේ යම් අනීතික බවක් වේ නම් සහ ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති ලිපියේ සඳහන් කරුණු අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ අභිලාෂයන් ඉක්මවා තිබීම ද නිසා පාපන්දු නිලවරණයෙන් පසුව සිඳු විය හැකි කරුණු දෙකක් ගැන පෙනෙන්නට තිබෙනවා.
එකක් රටේ අධිකරණ නියෝගය අනුව පැනවෙන්නට හැකි වාරණයක් වන අතර දෙවැන්න ජාත්‍යන්තර වශයෙන් පැනවෙන්නට හැකි වාරණ.ඒ දේශපාලන සෙල්ලමට නොයා පවත්නා තත්ත්වය ඇතුළේ පාපන්දු ප්‍රේමය ගොනු කරගන්න උත්සාහ නොකිරීමේ ආදිනව කවරේද යන්න අත්විදීම හෙටින් පසු ශ්‍රී ලංකා පාපන්දුවේ උරුමය වනු ඇති.



RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan