ලීසා, අපි ඉන්නේ දරුවෝ මැරුණු රටක නෙවෙයි. මරපු රටක …

Date:

එල්විස් ප්‍රෙස්ලිගේ දියණිය වෙලා ඉපදිලා, මයිකල් ජැක්සන් කසාද බැඳලා, පස්සේ නිකොලස් කේජ් බැඳලා, ආයේ ආයෙත් විවාහ වෙලා, බැරිනම් අයින් වෙලා, ලෝකේ සියළු මාධ්‍ය ආවරණය ලබල, දරුවෝ ලැබිල, තමන්ගේ කියල සිංදුත් කියල, ලෝක සංගීත නාමාවලිවල අංක එක දෙක වගේ තැන්වලටත් ගිහිල්ල, නාන්න තරමට සල්ලිත් ලැබිල එවන් සංකේත ලෝකෙක මැරෙන්න නම් ඉතින් මාර වාසනාවක් තියෙන්න ඕනි.

හැබැයි මේ ඔක්කොම ලැබිල ලීසා මාරි ප්‍රෙස්ලි මැරිලා තියෙන්නේ තමන්ගේ මියගිය පුතෙක් ගැන වේදනාව දරාගන්න බැරුව.

ඇය අන්තිමට දකුණු කකුලේ පච්චයක් ගහනවා ඒ මියගිය පුතා වෙනුවෙන්. සැප්තැම්බර් මාසේ ජාතික ශෝක දිනයක එයා මෙහෙම ලියනවා.

”බෙන්ජමින්, ඔයාගේ මරණය විසින් මගෙත් ඔයාගේ සහෝදරියෝ තුන්දෙනාගෙත් ජීවිත පුපුරවා හැරිය. අපි ඒ වේදනාව හැමදාම හැම දවසකම අපේ ජීවිත එක්ක ඉස්සරහට අරන් යනවා. අපි ජීවත් වෙන සංස්කෘතියෙන් අපිට හැමදාම මතක්කළා ඔය වේදනාව අමතක කරලා ඉස්සරහට යන්න කියල. වේදනාව අතික්‍රමණය කරන්න කියල. මම ස්ථිරව කියන්නම් එකක්. කාලයත් එක්ක ඒ වේදනාව අමතක වෙන්නේ නැහැ. වැඩි වැඩියෙන් දැනෙනවා මිසක්”.

ලීසාට බැරි වෙනවා මේ ක්ෂිතියෙන් ගොඩ එන්න. අපි ජීවත් වෙන්නේ දරුවෝ මැරුණ රටක නෙවෙයි. මරපු රටක.

ශෝකය අතික්‍රමණය කරන්න බැරිකමට ෆ්‍රොයිඩ් කිව්වේ මෙලන්කොලියාව කියල. ශෝකය අමතක නොකර මෙලන්කොලියාවෙන් ම මියයන එක රැඩිකල් ක්‍රියාවක් කියල කියනවා ජිජැක්.

මනුෂ්‍ය පැවැත්මේ පාදම දුක්ඛ සත්‍ය උඩ ගොඩනැගිලා තියනවා කියල බුදුන්, ෆ්‍රොයිඩ්, ලකාන් යන හැම කෙනෙක්ම පිලිගන්නවා.

ලීසා ඒක ඔප්පු කරලා තියනවා එයාගේ සංස්කෘතික නිර්මිතය ඇතුලේ.

මරණයෙන්වත් නිවෙන්න!

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පලස්තීන මාධ්‍යවේදී Bisan Owdaට ටික්ටොක් තහනමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ...

වසර අටකට පසු බ්‍රිතාන්‍යයේ අගමැති චීනයට!

කොළඹ LNW:බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය Keir Starmer මහතා ඊයේ (28) බෙයිජිං...

රැයදිත් බැලිය හැකි තරමට රැස්දහර එස්එස්සී යේ රුව කොහොමද හැඩකාර

නිශ්මං රණසිංහ ජනවාරි 29, කොළඹ LNW: වට පිට පිරුණු කෙළිබිම්වල...

‘ඉරානය ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට සුදානම්’ – අබ්බාස් අරග්චි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපදය විසින්...