කෙරවලපිටිය යුදගනවි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම පෙබරවාරි මාසයට කල්දමා තිබෙනවා. ඒ අනුව අදාල පෙත්සම් සලකා බැලීම පෙබරවාරි 03 සහ 07 යන දිනවලදී පැවැත්වේ.
අද මෙම පෙත්සම් කැඳවා තිබූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පෙත්සම් විභාගය සඳහා සහභාගි නොවීම හේතුවෙන් මෙසේ පෙත්සම් සලකා බැලීම කල්දැමීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
UN