*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

පුංචි ඡන්දයෙන් පත්වන සජබ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක සජිත්ගෙන් නීති මාලාවක් (VIDEO)

සමගි ජන බලවේගයට බලය තිබෙන ප්‍රාදේශීය සභා තුළ සිටින මන්ත්‍රීවරු සඳහා ඉදිරියේ දී ආචාර ධර්ම පද්ධතියක් ගෙන එන බවත් ඒ සඳහා දිවුරුම් ප්‍රකාශයක් හරහා සියලු දෙනා අත්සන් කරන බවත් එම ආචාර ධර්ම පද්ධතිය කඩ කළහොත් මන්ත්‍රීකම නැති වන බවත් එසේ ම ඔවුන්ට කොන්ත්‍රාත් කිරීම තහනම් බවත් විනීත හා ශිෂ්ඨ සම්පන්න මන්ත්‍රීවරු සිටිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා තවදුරටත් කියා සිටියේ මධ්‍යම ආණ්ඩුවේ බලයක් තිබුණත් නැතත් තමාගේ නිර්මාණශීලී වැඩපිළිවෙළ හරහා සියලු දේ සිදු කරන බව යි.

එසේ ම මෙරට සෑම පළාත් පාලන ආයතන ලෝකයේ ඇති තවත් ධනවත් පළාත් පාලන ආයතන සමඟ එකිනෙක සම්බන්ධ කරන බවත් ඒ හරහා ලෝකයේ ඇති සම්පත් අප රටට, පළාතට ගෙන ඒමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. මන්ත්‍රීකමක් යනු මුදල් උපයන තනතුරක් නොවන බවත් එය ජනතා සේවයක් බවත් එය පාර්ලිමේන්තුවට මෙන්ම ජනාධිපතිවරයාට ද අදාළ බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (16) පදවි ශ්‍රී පුර පැවැති ජන හමුවක් අමතමිනි.

එසේ ම දෙස් විදෙස් දානපතියන් හා සම්බන්ධ කර කැපකරු මාපිය ක්‍රමයක් පළාත් පාලන ආයතන තුළ ඇති කරන බවත් ඒ තුළින් පාසල් ළමුන් ගේ දියුණුව මෙන්ම ප්‍රදේශයේ සංවර්ධනයක් සිදු කරන බවත් පැවසීය. ඊට අමතරව සුහුරු සභාවක් හෙවත් පළාත් හෝ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් ජනතාවගේ ගැටලු විමසීමට මාසේ එක දවසක් හෝ අදාළ ප්‍රදේශවලට යා යුතු බවත් එම අවස්ථාවේදීම එම ගැටලුවලට විසඳුම් ලබා දෙන වැඩපිළිවෙළක් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. ජනතාව මන්ත්‍රීවරු ළඟට යන වැඩපිළිවෙළ වෙනස් කර මන්ත්‍රීවරු ජනතාව ළඟට යන වැඩපිළිවෙළක් සකස් කරන බවත් එසේ ම පක්ෂ භේදයකින් තොරව තරුණ උපදේශන කමිටුවක් සකස් කරන බවත් ඔවුන් සභාපතිවරු සහ මන්ත්‍රීවරු අධීක්ෂණය කිරීමක් සිදු කරන බවත් හෙතෙම පැවසීය.

තරුණ පරපුර ශක්තිමත් කිරීම තුළින් අනාගත නායකත්වයක් එමඟින් බිහි වන බවත් එමෙන් ම සභාව හරහා මෙරට තොරතුරු තාක්ෂණ හා පරිගණක තාක්ෂණ විප්ලවය ක්‍රියාත්මක කරන බවත් තවදුරටත් සඳහන් කර සිටියේය. එසේ ම තමාගේ දේශපාලනය තුළ කයිවාරුව නොමැති, පුද්ගල විවේචනය, අපහාසය නොමැති බවත් වැඩ කිරීමට පමණක් කැමති බවත් එබැවින් ඕනෑම දේශපාලනඥයකුට අභියෝග කර සිටින්නේ පුළුවන් නම් තමන් සමඟ බලයක් නොමැතිව වුව ජනතාවට සේවය කිරීමට පැමිණෙන ලෙස යි. අපේ රටේ විකල්ප යැයි බෝඩ් ගහං ඉන්න බලවේග සියල්ල වැඩබැරි ටාසන්ලා බවත් ඔවුන්ට පුළුවන් බොරු කයිවාරු සහ බොරු විප්ලව කිරීම පමණක් බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan