ඇමරිකාවෙන් ඇහෙන බිත්තර මිල.. දුසිමක් ඩොලර් 7 ඉක්මවයි!

Date:

ඇමරිකාවේ බිත්තර සිල්ලර මිල 60% කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2021 වසරේ නොවැම්බර් අමෙරිකානු ඩොලර් 1.72ක්ව තිබූ බිත්තර දුසිමක මිල 2022 නොවැම්බර් වන විට ඩොලර් 5.59 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. පසුගිය නත්තල් සමයේ විවිධ ආහාර සහ කේක් වර්ග සකස් කිරීමට අත්‍යවශ්‍ය වූ බැවින් ඒ වන විට එහි මිල ඩොලර් 7.49 දක්වා (රුපියල් 2,727) ඉහළ ගොස් තිබූ අතර, එය සෙසු ආහාරවලට වඩා මිල වැඩි වීමක් බව ද වාර්තා වේ.

බිත්තර මිල අධික වීමට පසුගිය මාස කිහිපයේදී එරට ව්‍යාප්ත වූ කුරුලු උණ ද හේතුවක් වූ බවත්, යුක්රේන යුද අර්බුදය මත සැපයුම් ජාලා බිඳ වැටීම සහ උද්ධමනය ද බලපෑ බව ටෙක්සාස් ප්‍රාන්තයේ කුකුළු ගොවි සම්මේලනය නිවේදනය කර ඇත.

වසරක් ඇතුළත අමෙරිකාවේ බිත්තර මිල 60% කින් ලෙස ඉහළ ගොස් ඇත්තේ 1973 වසරින් පසු පළමු වරට බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කුරුලු උණ බලපෑමෙන් පහත වැටුණු අමෙරිකාවේ බිත්තර ව්‍යාපාරය නැවත හිස එසැවීමට තවත් මාස 6ක පමණ කාලයක් ගතවනු ඇතැයි ද, ඒ අනුව මේ වසරේ මාර්තු සහ අප්‍රේල් මාස වලදී මිල ගණන් තවත් ඉහළ යනු ඇතැයි වාර්තා වේ..

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියානු රජය වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි.

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව ප්‍රථම...

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග...

අයිස් හා හෙරොයින් සිද්ධිය: සජබ සාමාජිකයාට පක්ෂයෙන් තහනමක්!

කොළඹ LNW: දකුණු මුුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඊයේ (20)...

DIMO වෙත එක්වූ නටාෂා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW : ඩීසල් සහ මෝටර්...