නියමිත දිනයේ ඡන්දය පැවැත්වීමට පොරොන්දුවක්!

නියමිත දිනයේ දී 2023 පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව අද (18) දින ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමක් සිදුකර ඇත.

ඒ, අනුව පළාත් පාලන මැතිවරණ පනතට සහ අදාළ රෙගුලාසිවලට අනුකූලව නාමයෝජනා භාරදීම අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට අදාළ කටයුතු සම්පාදනය කරන බවට මැතිවරණ කොමිසම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක් ලබා දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව විසින් එම දැනුම් දීම සිදුකර තිබෙන්නේ, රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් නිර්මාණය වී තිබීම මත පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ තීරණය අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්.එම්.ආර්. විජේසුන්දර යන අය විසින් ගොනුකළ රිට් පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවූ අවස්ථාවේ ය. එම පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටි අතර, ඔහු විසින් මෙම දැනුම් දීම අධිකරණයට සිදුකර ඇත.

මේ අතර, පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදිය නොහැකි බවට මහා භාණ්ඩාගාරය විසින් මේ දක්වා දැනුම්දීමක් සිදුකර නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...